ෆින්ච් කණ්ඩායමට කඩුලු 3 කජයග්‍රහණයක් ගෙන එයි

180

ඔස්‌ට්‍රේලියාව සහ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පෙරේදා (5 වැනිදා) පැවැති පළමු පන්දු වාර 20-20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 3 ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ඔස්‌ට්‍රේලියාව සමත් විය.

ක්වින්ස්ලන්ඩ්හි පැවැති එම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව්වන් නියමිත පන්දු වාර 20 තුළදී කඩුලු 9 ක් දැවී ලකුණු 145 ක් ලබාගත් අතර ඔස්‌ට්‍රේලියා කණ්ඩායම කඩුලු 7 ක් දැවී එක් පන්දුවක් ඉතිරිව තිබියදී ජයග්‍රහණය ලබාගත්තාය. ජයග්‍රාහී ඔස්‌ට්‍රේලියා කණ්ඩායම වෙනුවෙන් නායක එරොන් ෆින්ච් ලකුණු 58 ක් සහ මැතිව් වේඩ් නොදැවී ලකුණු 39 ක් ලබා ගත්හ. නායක එරොන් ෆින්ච් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබූ අතර දෙරට අතර දෙවැනි තරගය අද පැවැත්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment