ෆේස්බුක් යාළුකම කරේ මාලයට විදලා

181

පිට රට සිට ෆේස් බුක් සමාජ මාධ්‍ය මගින් හඳුනාගෙන බළපිටියේ කාන්තාවකගෙන් රුපියල් එක් ලක්ෂ හැත්තෑ දහසක මුදලක් වංචා කර ඇති බව කියති.

සමාජ මාධ්‍ය මගින් දැන හැදින ගත් මොහු ශී‍්‍ර ලංකාවට පැමිණි වීට දී නිවෙස ඉඳිකර ගැනීමට මුදල් ලබා දෙන බවක් කියමින් මාස හයක් පමණ කාලයක සිට බොරු පොරොන්දු දෙමින් ශ‍්‍රී ලංකාවට පැමිණීමට ටිකට් එක ගැනීමට යැයි කියමින් මෙසේ මුදල් ලබා ගෙන ඇත.

මේ සිද්ධියට මුහුණ පෑ බළපිටිය වැලිතර ගුරු නිවාස පාරේ පදිංචි නිලූකා දර්ශනී (46) නැමැති තිදරු මව මෙසේ කීවාය. මම විවාහකයි. මගේ පුරුෂයා මුහුදු රක්ෂාව කරන්නේ. කටාර්වල සිටි නලින් විතාරණ නැමැති අය ගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී පමණ ෆේස්බුක් මගින් හඳුනා ගත්තේ. ගම අකුරැස්සේ කියලයි කිව්වේ. මාස හයක් පමණ දිනපතා වට්ස්ඇප් මගින් වීඩියෝ කෝල් අරගෙන කතා කළා. පවුලේ වීස්තර සියල්ල ඔහු දැන ගත්තා. අපේ ගෙදර සුනාමියට කඩා ගෙන ගියාම සංවිධානයකින් තමයි මේ ගේ හදල දුන්නේ. ගේ කපරාරු කරලත් නැහැ. වීඩියෝ කෝල් එකෙන් ගේ දැකලා ගෙයි වැඩ ඉවර කර ගන්න උදව් කරන බව කිව්වා. ළගදී ම ලංකාවට එන බවත් ඒ ආවම අපේ ගෙදර එන බවත් කිව්වා. අපේ මහත්තයටත් හොද රැකියාවක් සොයා දෙන බව කිව්වා.

මෙහෙම කතා කරද්දී ශී‍්‍ර ලංකාවට එන්න ටිකට් එක ගන්න රුපියල් හතළිස් දහසක් මගෙන් ඉල්ලූවා. ශී‍්‍ර ලංකාවට ආපු ගමන් සල්ලි දෙන්නම් කිව්වා. අනේ මා ළග සල්ලි නැහැ කිව්වම මගේ කරේ තිබෙන චේන් එක උකස් කරල සල්ලි ඉල්ලූවා. මහත්තයා අරගෙන දුන්න මේ චේන් පොට නැති වුණොත් මහත්තයගෙන් ගුටි කන්න සිදු වෙන බව කිව්වා. ඉක්මනින් ආ ගමන් සල්ලි දෙන්නම් කිව්වම මහත්තයට හොරා උකස් තියල එයා කිව්ව ගිණුම් අංකයට සල්ලි දැම්මා.

මගේ කරේ චේන්පොට නැති නිසා මහත්තයගෙන් ගුටි කන්නත් සිදු වුණා. නැවත දවසක මගේ ෆොටෝ එකකුත් අරගත්තා ළග තියා ගන්න කියලා. ඊට පස්සේ තව රුපියල් එක් ලක්ෂ තිස්පන් දහසක් මගෙන් ඉල්ලූවා ටිකට් එක ගන්න සල්ලි මදි වුණා කියලා. මා ළග සල්ලි නැහැ කිව්වම මහත්තයට ෆොටෝ එක පෙන්වනවා කියලා බය කළා. මම පොලියට ඒ සල්ලිත් අරගෙන දුන්නා.

ඉන් පසු කතා කළේ නැහැ. මම වෙන දුරකතනයකිත් ඇමතුමක් ගත්තම කතා කළා. මගේ සල්ලි ඉල්ලූවම ලංකාවට ආ දවසක දෙන්නම් කිව්වා. මම පොලිසි යනවා කිව්වම පොලිසි යන්න එපා, පත්තරේ දමන්නත් එපා කිව්වා. දැන්නම් ලංකාවට ඇවිත් ඉන්නේ. මේ ගැන තොරතුරක් දන්නවා නම් දැනුම් දෙන්න කියලා ඉල්ලනවා.

බළපිටිය – අනුර යසමිත්
 

advertistmentadvertistment
advertistmentadvertistment