ෆේස් බුක් මව් සමාගම නව සන්නාමය මෙටා (Meta)

381

ෆේස් බුක් මව් සමාගම විසින් සිය සන්නාමය මෙටා (Meta) යනුවෙන් වෙනස් කිරීමට තීරණය කර තිබෙනවා. ‘‘මෙටා’’ යනු ‘‘ඔබ්බට’’ යන අර්ථය ලබා දෙන ගී‍්‍රක වචනයකි.

මේ ගැන අදහස් දක්වන ෆේස් බුක් සමාගම කියා සිටින්නේ තම සමාගම මෙතෙක් සමාජ මාධ්‍යජාල මත යැපුනත් අනාගතයේදී තාත්වික නිරූපණ (virtual realit
වැනි විවිධ ක්‍ෂේත‍්‍රයන් දක්වා එය ව්‍යාප්ත කිරීමට ඔවුන් අරමුණු කර ගෙන ඇති බවයි.

⋆ නමුත් සමාජ ජාල පිළිබඳ නාමයේ වෙනසක් නැහැ..

ෆේස් බුක් මව් සමාගම නව සන්නාමය මෙටා (Meta)

ෆේස් බුක් මව් සමාගම විසින් සිය සන්නාමය වෙනස් කළත් Facebook සහ Whatsapp වැනි සමාජ ජාල එම නාමයෙන්ම ඉදිරියටත් ව්‍යවහාර කරන බවත් ඔවුන් විසින් සඳහන් කර තිබෙනවා. ප‍්‍රැන්සිස් හෝගන් නම් වූ සේවිකාවක විසින් ෆේස් බුක් මව් සමාගම ආරක්ෂාවට වඩා ලාභයට මුල් තැන දෙන බවට ඉදිරිපත් කරන ලද චෝදනාව නිසා මෙවැනි තීන්දුවක් ගැනීමට සිදු වූ බව සමාගම විසින් සඳහන් කර තිබේ.

කොවිඞ් වසංගත තත්ත්වය ඉදිරියේ එන්නත පිළිබඳව වූ වැදගත් තොරතුරු ෆේස් බුක් සමාගම විසින් ප‍්‍රතිපත්ති සම්පාදකයන්ගෙන් වසන් කළ බවට වොෂිංටන් පෝස්ට් පුවත්පත විසින් සඳහන් කර තිබෙනවා.

2015 වසරේදීත් ගූගල් සමාගම විසින් තම මව් සමාගමේ නාමය ‘‘ඇල්ෆාබට්’’ (Alphabet) යනුවෙන් වෙනස් කළත් එම නාමය ජනතාව අතර ප‍්‍රචලිත වූයේ නැත.

ෆේස්බුක් සමාගමේ ප‍්‍රධානී මාර්ක් සකර්බර්ග් විසින් අලූත් සන්නාමය වචනයේ පරිසමාප්තයෙන්ම ඉදිරිපත් කිරීමට හැකි වෙන පරිදි සිය කි‍්‍රයාකාරකම් පවා නවීකරණය කර තිබේ. සරලව කිවහොත් මාර්ගගත ක‍්‍රීඩාවන්ට කිරීමට, තාත්වික පරිසරයක සන්නිවේදනය කළ හැකි VR හෙඞ්සෙට් භාවිත කළ හැකි අන්දමින් සමාගමේ නව නාමය වෙනස් කර තිබේ. අන්තර්ජාලය ඔස්සේ සිදු කරන ලද සම්මන්ත‍්‍රණයකදී මාර්ක් සකර්බර්ග් විසින් මෙසේ සඳහන් කර තිබේ. අපි දැන් ව්‍යාපාරය කොටස් දෙකක් ලෙස සලකා වාර්තා කරනවා. එකක් අපේ යෙදවුම් පවුල… අනෙක අනාගත වේදිකාවල අපේ කි‍්‍රයාකාරකම්. අප කරන සැම දෙයක්ම විදහා දැක්වීමට, අපගේ අනන්‍යතාව ගොඩ නගා ගැනීමට සහ අප විසින් ගොඩ නැගීමට අදහස් කරන දේ පිළිබිඹු කිරීමට සහ නව සන්නාමයක් ඉදිරිපත් කිරීමට දැන් කාලය එළැඹ ඇති බැව් මාර්ක් සකර්බර්ග් විසින් පෙන්වා දී තිබේ. කැලිෆෝනියාවේ මෙන්ලෝ පාර්ක් හි පැවැති සිය මූලස්ථානයේදී මෙතෙක් පැවැති නිල ලාංඡුනය වූ ර්‍ණඑයමපඉි-මච” සලකුණ අනන්තය නිරූපණය කරන නිල් පැහැ හැඩයකින් ප‍්‍රතිස්ථාපනය කිරීම එළි දක්වන ලදී.

බීබීසී පුවත් ඇසුරිනි
පුන්‍යා චාන්දනි ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment