ෆොන්සේකාගේ ඉල්ලීම – සජබ අදහසක් නොවේ- අලවතුවල කියයි

147

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා විසින් හෙට (09 දා) පවත්වන විරෝධතාවට සහභාගි වන ලෙස කරන ලද ඉල්ලීම සමගි ජනබලවේගය පක්‍ෂයේ ඉල්ලීමක් නොවන බව එම පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. සී. අලවතුවල මහතා පැවැසීය.

එය ඒ මහතාගේ පෞද්ගලික අදහසක් බව ද අලවතුවල මහතා පැවැසීය. විශේෂයෙන්ම ප්‍රධාන විපක්‍ෂය ලෙසත් වගකීමක් ඇති පක්‍ෂයක් ලෙසත් රටේ ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පත්වී ඇති නිසා ඔහු සමඟ සාකච්ඡා කිරීමට සමගි ජන බලවේගය කටයුතු කරමින් සිටින බව ද ඒ මහතා කීය. අද රට පවතින්නේ ජනතාවට තුන්වේල කන්න දීමට නොහැකි තත්ත්වයක බවත් එම නිසා එයට විසඳුමක් ලබාදීමට ජනාධිපතිවරයාට යම් කාලයක් ලබාදීමට කටයුතු කළ යුතු බවත් අලවතුවල මහතා වැඩිදුරටත් කියා සිටී.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment