ෆෝන් හොරෙකුට නුවරඑළියේදී ගුටි පූජාවක්!

85

තරුණියකුගේ අතෙහි තිබූ රු. 40000ක් පමණ වටිනා ජංගම දුරකථනයක් උදුරාගෙන පලාගිය තරුණයකු අල්ලාගෙන පහර දී නුවරඑලිය පොලිසියට භාර දීමට නුවරඑලිය ප්‍රදේශවාසීන් (16) දින කටයුතු කර ඇත.

නුවරඑලිය බස් නැවතුම්පළට පිටුපස පිහිටි උද්‍යාන මාර්ගයේ ජංගම දුරකථනයක් අතැතිව පස්වරු 2.00 ට පමණ ගමන් කරමින් සිටි තරුණියක් පිටුපසින් පැමිණි සැකකාර තරුණයා ජංගම දුරකථනය උදුරාගෙන දිව යන අවස්ථාවේ තරුණිය කෑගසන ශබ්දය ඇසී ඒ පිළිබඳව සොයා බැලූ ප්‍රදේශවාසීන් සැකකාර තරුණයා පසුපස හඹාගෙන ගොස් සැකකාර තරුණයා අල්ලා පහරදී පොලිසිය වෙත භාර දී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු නුවරඑලිය කලුකැලේ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 27 තරුණයකු බවත්, සැකකාර තරුණයා (17) දින නුවරඑලිය මහෙස්ත්‍රාත් තිළිණ එම්. පීරිස් මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරු (24) දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කෙරිණ.
ඡායාරූප හා සටහන නුවරඑලිය – නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment