09වැනිදා නිර්පාක්ෂික අරගලයට ජවිපෙ සහ පෙරටුගාමී සහාය ඉල්ලයි

482

මෙම මස 09 වැනි දා ගාලු මුවදොරදී අරගලයක නිරත වීමට සූදානම් වන නිර්පාක්ෂික අරගලකරුවන් පිරිසක් අද ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සහ පෙරටුගාමී පක්ෂය දේශපාලන මණ්ඩල සභිකයින් වන දුමින්ද නාගමුව මහතා ඇතුළු පිරිසක් හමුවී සිය අරගලයට සහය ඉල්ලා සිටියහ. එහිදී අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ මෙම අරගලයේ දී ගල් කැටයකින් හෝ හිංසාවක් සිදු කිරීම නොකළ යුතු බවය. පෙරටුගාමී පක්ෂය දේශපාලන සභිකයින් පැවසුවේ මේ මොහොතේ රටේ ජනතාව සිටින්නේ දැඩි දුෂ්කරතාවයක බැවින් 09 වැනිදාට කඩසප්පු වසා දමා අරගලයට සහය දක්වන්නැයි ඉල්ලා සිටීම කළ නොහැකි බවය.

advertistmentadvertistment
advertistmentadvertistment