10 වැනිදායින් පසු වැසි අඩුවෙයි

102

දිවයිනට බලපා ඇති අධික වැසි සහිත අයහපත් කාලගුණික තත්ත්වය ලබන දහ වැනිදාට පසු අඩු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණාරත්න මහතා ‘දිවයින’ට ඊයේ (03 වැනිදා) පැවසීය.

එසේ වුවත් නිරත දිග මෝසම් තත්ත්වය සක්‍රිය වීමත් සමග දකුණ සහ බස්නාහිර මුහුදු ප්‍රදේශවලත් දිවයිනේ නිරිත දිග කොටසේත් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලපානු ඇති බවත් හෙතෙම කීවේය.

ඒ අනුව බස්නාහිර, වයඹ, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයන්ටත් විටින් විට ගිගුරුම් සහිත වැසි හෝ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සබරගමුව පළාතේ සහ ගාල්ල මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කයන් හි ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් සීයකට වැඩි වර්ෂාපතනයක් ඇති විය හැකි බව ද එම දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරයි. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරුමැද, බස්නාහිර, වයඹ සහ දකුණු පළාත්වලත් සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර් 50 ක් පමණ දක්වා වැඩිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment