10 ශ්‍රේණියට ලබන වසරේ සිට කෘත්‍රීම බුද්ධි විෂය

120

ලබන අවුරුද්දේ දී 10 ශ්‍රේණියට කෘත්‍රීම බුද්ධි විෂය ඉගැන්වීම ආරම්භ කරන බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් පේම්ජයන්ත මහතා පවසයි. සියලු ම ගුරුවරුන් තාක්‍ෂණය සඳහා පුහුණු කළ යුතුව ඇති බවත් පාසලෙන් ආරම්භ වී විශ්වවිiාල පද්ධතිය ඇතුළු සමස්ත විශ්වවිiාල පද්ධතියම පෘථුල පරිවර්තනයකට ලක්කළ යුතු බවත් හෙතෙම පැවැසීය.

එසේම වර්තමාන විවිධ සමාජ ක්‍රියාකාරකම්වලින් විශේෂයෙන් අර්ධ නාගරික හා නාගරික ප්‍රදේශවල දරුවන් ඇතුළු තරුණ කොටස් ආරක්‍ෂා කරගැනීමේ අභියෝගයකට ද මුහුණ දී සිටින බවද ඇමැතිවරයා කීවේය. ඒ අනුව පාසලට නො පැමිණිය යුතු නුසුදුසු ආහාර ආදී විවිධ භාවිතයන් හා සිරිත් පාසල්වලට පැමිණීම වළක්වා ගැනීම සඳහා කොළඹ පාසල් එකසිය හතළිස් හතරේම ගුරුවරුන්ගේ සහභාගීත්වයෙන් වැඩමුළුවක් ආරම්භ කළ බව පැවසූ ඇමතිවරයා එම ගුරුවරුන් උපදේශනය සඳහා යොදවා ගන්නා බවත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සිටින පුහුණු උපදේශකවරුන්ගේ සහාය ද මීට ලබා ගන්නා බවත් පැවැසීය.

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ කලාපයේ පැවැති එම කලාපයේ තෝරාගත් පෝෂණ අවශ්‍යතා සහිත පාසල් සඳහා දිවා ආහාරය සකසා ගැනීමට අවශ්‍ය ඉවුම් පිහුම් කට්ටල ලබාදීමේ උත්සවයකට එක්වෙමිනි. ඇමැතිවරයාගේ ඉල්ලීම පරිදි කඩුවෙල ඇලුමිනියම් කර්මාන්ත සංගමය මෙම උපකරණ පරිත්‍යාග කරන ලදී. නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන ඉදිරියේදී දීපව්‍යාප්ත මට්ටමින් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment