11 හැවිරිදි සිසුවියට අතවර කළැයි ගුරුවරයා අත්අඩංගුවට

253

11 හැවිරිදි දැරියකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අදාළ පාසලේම ගුරුවරයකු තිස්සමහාරාම පොලිසිය විසින් 06 දා රාත්‍රි අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ තිස්සමහාරාම සේනපුර පදිංචි 56 හැවිරිදි ගුරුවරයෙකි.

සැකකාර ගුරුවරයාගේ උපන් දිනය නිමිත්තෙන් පසුගිය 02 වැනිදා පාසලේ ශාලාවක් තුළ උපන්දින සාදයක් පවත්වා තිබේ. එහිදී සැකකාර ගුරුවරයා විසින් එම පාසලේම 07 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන 11 හැවිරිදි සිසුවියකට අතවර කර තිබේ. මේ සම්බන්ධයෙන් පාසලේ විනය කමිටුවට ලද තොතුරකට අනුව විනය කමිටුව තිස්සමහාරාම පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයට දැනුම් දී තිබේ. ඒ අනුව තිස්සමහාරාම පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් විසින් දැරිය පොලිස් ස්ථානයට කැඳවා සිදුකළ ප්‍රශ්න කිරීමේදී ලද ප්‍රකාශය මත අදාළ ගුරුවරයා පොලිස් අත්ඩංගුවට ගෙන තිබේ. දැරිය වෛද්‍ය පරීක්ෂණ කටයුතු සඳහා යොමු කර ඇත. අත්අඩංගුවට පත් සැකකාර ගුරුවරයා තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මත්තල දිලීප් එන්. ජයසේකර

advertistmentadvertistment
advertistmentadvertistment