11 වැනිදා නැව එනකම් යළිත් ඩීසල් හිඟයක් – සංස්ථාව කියයි

213

ඉදිරි දිනවල ඩීසල් හිඟය තවත් උග්‍රඅතට පත්වන බවත් ලබන 11 වැනිදා මෙරටට පැමිණෙන ඩීසල් නෞකාව ගොඩබා බෙදාහරින තුරු එම හිඟය පවතිනු ඇති බවත් තෙල් සංස්ථාව කියා සිටී.

මේ වනවිට ගබඩාවල තිබෙන්නේ ඩීසල් මෙටි්‍රක් ටොන් 7000 කි. දිනකට ප්‍රවාහන කටයුතු සඳහා පමණක් ඩීසල් මෙටි්‍රක් ටොන් 4000ක් අවශ්‍ය වන අතර නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් අක්‍රීය වීම නිසා තාප විදුලි බලාගාර සඳහා දිනකට ඩීසල් ලීටර් 2000කට වැඩි ප්‍රමාණයක් නිකුත් කිරීමට සිදුවීම හේතුවෙන් ඩීසල් හිඟය උග්‍ර වී ඇත.

හෙට අනිද්දා දින දෙක සති අන්තය වුවත් ලබන සතියේ දී ප්‍රවාහන කටයුතු සඳහා ඩීසල් නොමැති වීමේ අවධානමක් මතුව ඇත.

මෙම තත්ත්වය හමුවේ විදුලිය කපා හරින කාලය දිගු කිරීමට හෝ ප්‍රවාහනය සඳහා ඩීසල් නිකුත් කිරීම තවදුරටත් සීමා කිරීමේ තීරණයක් වහා ගතයුතුව ඇතැයි තෙල් සංස්ථාවේ උසස් නිලධාරීහු කියා සිටිති.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment