නීති විරෝධි ආයුධයක් සන්තකයේ තබාගෙන සිටිනවා යැයි 119 පැමිණිල්ලක් කර පොලිසිය ගෙන්වා එම ජීප් රථයට පහර දී පොලිස් රියැදුරුට තුවාල කිරීමේ සිද්ධියක් අයගම කන්දවත්ත ප‍්‍රදේශයෙන් වාර්තාවිය.
ඊයේ (22 දා* අළුයම 119 ලැබුණු පැමිණිල්ලට අනුව මෙම සිද්ධියට මුහුණ පා ඇත්තේ අයගම පොලිසියේ නිලධාරීන් පිරිසකි. ඒ අනුව පොලිස් රියැදුරු (34960* වීරතුංග මහතා ප‍්‍රතිකාර සඳහා අයගම රෝහලට ඇතුළත් කළ බව අයගම පොලිසියේ ස්ථානාධිපති සී. එච්. ඒ. ආර්. චමින්ද මහතා පැවසීය.
ඉකුත් 21 වෙනිදා නීති විරෝධී මත් පැන් ළඟ තබා ගැනීම හේතුවෙන් මෙම ප‍්‍රදේශයේ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර ඇත. එම පුද්ගලයා මෙසේ 119 ට බොරු පැමිණිල්ලක් කර පොලිස් නිලධාරීන් ගෙන්වා මෙම පහරදීම සැලසුම් කර ඇති බවට පොලිසියට තොරතුරු ලැබී ඇත. සිද්ධිය වු ස්ථානයේ පාවහන් යුගලක්ද පොලීසිය සොයාගෙන තිබේ. මේ වන විට ඉහත සැකකරු ප‍්‍රදේශයෙන් අතුරුදහන්ව ඇත. සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.
කිරිඇල්ල – ඞී. කේ. කුමාර
|