12 වැනි ආරක්‍ෂක සේවා ක්‍රීඩා තරගාවලිය ලබන 26 වැනිදා සිට

191

12 වන ආරක්‍ෂක සේවා ක්‍රීඩා තරගාවලිය ක්‍රීඩා තරග ඉසව් 39 ක් යටතේ ලබන 26 වැනිදා සිට 2023 ඔක්තෝබර් මස දෙවන සතිය දක්වා පැවැත්වීමට නියමිතව ඇත.

පනාගොඩ ශ්‍රී ලංකා යුද හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ආරක්‍ෂක සේවා ක්‍රීඩා මණ්ඩලයේ වර්තමාන සභාපති මෙන්ම ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ, යුද හමුදාපති ලෙෆ්ටිනන් ජෙනරල් විකුම් ලියනගේ මෙන්ම නාවික හමුදාධිපති වයිස් අද්මිරල් නිශාන්ත උළුගේතැන්න ගේ සහභාගිත්වයෙන් තරගාවලියේ සැලැස්ම එළි දැක්විණි.

12 වැනි ආරක්‍ෂක සේවා ක්‍රීඩා තරගාවලිය ලබන 26 වැනිදා සිට

මෙම ආරක්‍ෂක සේවා තරගාවලියේ දක්ෂතා දක්වමින් ජාත්‍යන්තර තරග නියෝජනය කිරීමට සුදුසුකම් ලැබූ ත්‍රිවිධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉතිහාසය පුරාවට තම දේශය වෙනුවෙන් පදක්කම් විශාල ප්‍රමාණයක් ජයග්‍රණය කර අති අතර ඒ සඳහා ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පදක්කම් 272 ක් ද ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පදක්කම් 40 ක් හා ශ්‍රී ලංකා නාවික හමුදාව ක්‍රීඩක ක්‍රීඩිකාවන් පදක්කම් 30 ක් ජයග්‍රහණය කර ඇත.

ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ සියලු දෙනාගේ අවධානය දිනා ඇති මෙම ක්‍රීඩා තරගාවලියේ සමාරම්භක උළෙල සඳහා ත්‍රිවිධ හමුදා ක්‍රීඩා සංචිතයන්හි සභාපතිවරුන්, ආරක්‍ෂක සේවා ක්‍රීඩා කවුන්සිලයේ ලේකම් සහ එයට සම්බන්ධ සියලුම නිලධාරීන්වරුන් මෙන්ම ත්‍රිවිධ හමුදා ක්‍රීඩා සංචිත නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් ද සහභාගි විය.

මෙවර ආරක්‍ෂක සේවා තරගාවලියේ සංවිධාන කටයුතු ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සිදු කරනු ලබන අතර ශ්‍රී ලංකා යුද හමුදාව සහ ශ්‍රී ලංකා නාවික හමුදාවන් ඊට සහයෝගය දක්වනු ලබයි.

advertistmentadvertistment
advertistmentadvertistment