13 දෙන්න කලින් ගැඹුරු අධ්‍යයනයක් කළ යුතුයි

161

රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස කටයුතු කළ සමයේදීවත් සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක නොකළ 13 වැනි සංශෝධනය මෙම අවස්ථාවේ දී ක්‍රියාත්මක කිරීමට සූදානම් වන්නේ නම් ඊට පෙර ඒ පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

ජේ. ආර්. ජයවර්ධන මහතාගේ සිට ගෝඨාභය රාජපක්‍ෂ මහතා දක්වා බලයේ සිටි ජනාධිපතිවරුන් විසින් 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක නොකිරීමට බලපෑ හේතු සාධකයන් තවදුරටත් සමාජය තුළ පවතින්නේ ද යන්න ගැඹුරින් සලකා බලා 13 වන සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගතයුතු බව තමන් පසුගිය 26 වැනිදා පැවැති සර්ව පාක්‍ෂික සමුළුවේ දීත් ප්‍රකාශ කළ බව ද පැවැසූ ඒ මහතා තවදුරටත් ප්‍රකාශ කර සිටියේ 13 වන සංශෝධනය මෙම අවස්ථාවේ දී ගැඹුරින් අධ්‍යයනය කිරීමකින් තොරව මෙම අවස්ථාවේ දී ක්‍රියාත්මක කිරීමට එකඟතාවය තමන් පසුගියදා පැවති සර්ව පාක්‍ෂික සමුළුවේදී ප්‍රකාශ නොකළ බවයි.

එරික් ගාමිණි ජිනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment