13 අනතුර පෙන්වාදී රට මුදාගන්න

165

ජාතික සංවිධාන එකමුතුව මහනාහිමිවරුන්ගෙන් ඉල්ලයි

13 වැනි සංශෝධනය බලාත්මක කිරීම මගින් රටට වියහැකි අනතුර පිළිබඳව පාලකයන්ට සෘජුව කරුණු දක්වා බෙදුම්වාදී උවදුරින් රට ගලවා ගන්නා ලෙස ජාතික සංවිධාන එකමුතුව ත්‍රෛනිකායික මහනාහිමිවරුන් වෙත ලිපියක් යවමින් ඉල්ලීමක් කර තිබේ.

ජනවරමක් නොමැතිව ජනාධිපති වශයෙන් පත්වූ රටේ නායනයාට තමාට පෙර ද කළ නොහැකිවූ රට ෆෙඩරල්කරණය කිරීමේ ක්‍රියාවලිය අවසන් කිරීමට අවස්ථාවක් ලැබී ඇති බවත් මෙවර එම අවස්ථාව අත්හැරීමට ජනාධිපතිවරයා සූදානම් නැති බව ඔහුගේ ප්‍රකාශ වලින් පැහැදිලිවන බවත් එම සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.

උද්ගතව ඇති අනතුර හමුවේ මහා සංඝරත්නයේ මැදිහත්වීම අත්‍යවශ්‍ය බවද එම ලිපියේ දැක්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment