13 අහෝසි කරන්න පනතක් ගේන්න – විමල් වීරවංශ

146

ජනාධිපතිවරයා දෙවැනි වරටත් පාර්ලිමේන්තුව කල් දමනු ලැබුවේ මොළේ අමාරුවකට නොව 13 ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම ඇතුළත් රාජ්‍ය සභා කථාව වැඩි ඡන්දයෙන් සම්මත කරගෙන ඔහුගේ බෙදුම්වාදී ගමනට සුජාත භාවය හදා ගැනීමට බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පැවසීය.

වීරවංශ මහතා මේ බව කියා සිටියේ කොළඹ සම්බුද්ධ ජයන්ති මන්දිරයේ පැවැති දේශනයකදීය.

13 වන ව්‍යවස්ථා සංශෝධනය එන්නේ ඉන්දු – ලංකා ගලිවිසුමට දාව උපන් අවජාතක දරුවෙක් ලෙස බවත්, එම දරුවාගේ අවයව එදා ඉඳන් අද දක්වාම ක්‍රියාත්මකවීමට ඉඩ නොදී සිටියදී ඒවා ක්‍රියාත්මක කිරීමට වත්මන් ජනාධිපතිවරයා උත්සාහ කරමින් සිටින බවත් 13 සංශෝධනය අහෝසි කිරීමට පනතක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට තමා ඉල්ලා සිටින බවත් වීරවංශ මහතා වැඩිදුරටත් පැවසීය.
ප්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment