13 න් ඊළමට පාර කපන ජනාධිපතිගේ උත්සාහය ජීවිත පරිත්‍යාගයෙන් පරාජය කරනවා

147

පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර

පවතින ව්‍යවස්ථාමය බාධක ඉවත් කර, 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කර, ඊළමට පාර කපන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උත්සාහය ජීවිත පරිත්‍යාගයෙන් හෝ පැරදවීමට මෙරට දේශප්‍රේමී ජනතාව සූදානම් බවත් ඒ සඳහා නායකත්වය දීමට තම පක්ෂය කටයුතු කරන බවත් ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පැවසීය.

පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පෙරේදා (30දා) පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා එසේ අවධාරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජයන්ත සමරවීර මන්ත්‍රීවරයා මෙසේද සඳහන් කළේය.

පසුගිය 15 වැනිදා යාපනයේ පැවැති තෛපොංගල් දිනය සැමරීමේ රාජ්‍ය උත්සවයේදී පත් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා ‘13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීමට මම සුදානම් කියා. ඉන් නොනැවතී පසුගිය

26 වැනිදා පැවැති සර්වපාක්ෂික හමුවේදී ඉතාම තදින්, විවෘතව ඔහු අවධාරණය කරනවා, ‘13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීමට ජනාධිපතිවරයා ලෙස මට බලයක් තිබෙනවා. ඒ අනුව මම එය සිදු කරනවා යනුවෙන්.

බැසිල් රාජපක්ෂලා රට වලපල්ලට ඇද දැමුවාට පසුව, ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉවත් වුණාට පසුව, බැසිල් රාජපක්ෂලාගේම අත්වාරුවෙන් ජනාධිපති පුටුවට ආපු රනිල් වික්‍රමසිංහ මහතා දැන් උත්සාහ කරනවා 1988 කරගන්න බැරි වුණු වැඩේ, 2002, 2015 කරගන්න බැරි වුණු වැඩේ කරගන්න.

පෙරමුණේ භාණ්ඩාගාරික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දීපාල් ගුණසේකර මහතාද සහභාගී විය.

ප්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment