13 බලාත්මක කරන බවට ජනපතිගේ ප්‍රකාශය රට ගොඩනැගීමට කළ ගෞරවණීය ඇරයුමක් – පලනි තිගාම්බරම්

119

ජාතීන් අතර සංහිඳියාව සහ සහජීවනය ඇති කිරීම සඳහා 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන් බලාත්මක කරන බවට, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශය රට යළි ගොඩනැඟීමට සියලු ජනතාවට කළ ගෞරවණීය ආරාධනයක් බව, දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි තිගාම්බරම් මහතා ‘දිවයින’ට ඊයේ (16 දා) පැවසීය.

13 වැනි සංශෝධනයෙන් ඔබ්බට ගොස් බලය ලබාගත යුතු බවට දමිළ ජාතික සන්ධානය ඇතුළු උතුරු

නැගෙනහිර දමිළ පක්ෂ මින් පෙර යෝජනා කර තිබුණ ද වතුකරය ඇතුළු සමස්ත දමිළ ජනතාවට ‘13’ ප්‍රමාණවත් බව ද හෙතෙම පැවසීය.

මෙරට සියලු ජනතාවගේ ප්‍රශ්න විසඳා සියලු දෙනා එක්ව ජීවත් වන එක රටක් ගොඩනැඟීම වෙනුවෙන් සමාජ සාධාරණත්ව කොමිසමක් ස්ථාපිත කිරීමට කටයුතු කරන බවට ද යාපනය සංචාරයේදී ජනපතිවරයා කළ ප්‍රකාශය පිළිබඳව ද තම ජනතාව ප්‍රසාදයෙන් පසු වන බව ද ඒ මහතා කියා සිටියේය.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment