13 බලාත්මක කිරීමේ කුමන්ත්‍රණයක් : ව්‍යවස්ථා සංශෝධනයක් දැන්ම එපා – ගුණදාස අමරසේකර

206

13 වන සංශෝධනය බලාත්මක කිරීම සඳහා කුමන්ත්‍රණයක් සිදුවිය හැකි බැවින් මෙම අවස්ථාවේදී ව්‍යවස්ථා සංශෝධනයක් සිදු නොකළ යුතු බව ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු සාහිත්‍ය සූරී ගුණදාස අමරසේකර මහතා ඊයේ (26දා) බොරැල්ලේ ඇන්. ඇම්. පෙරේරා මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී පැවසීය.

කාන්තා නියෝජනය වැඩි කිරීම සඳහා ගෙන ආ ව්‍යවස්ථා සංශෝධනයේදී පළාත් සභා මැතිවරණය කල් දැමීම සඳහා ව්‍යවස්ථා සංශෝධනය ඇතුළත් කළ ආකාරයට මෙම අවස්ථාවේදීත් 13 වන සංශෝධනය බලාත්මක කිරීම සඳහා කුමන්ත්‍රණ සිදුවිය හැකි බව ඒ මහතා පැවසීය.

ඉන්දියාව ඇතුළු බලවේග ඒ සඳහා බලපෑම් කරන මෙම අවස්ථාවේදී ව්‍යවස්ථා සංශෝධනය සිදු කිරීම රැවුල පත්තුවූ අවස්ථාවේදී සුරුට්ටු පත්තු කිරීම වැනි කටයුත්තක් බවත් පැවසූ අමරසේකර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ මෙම අවස්ථාවේදී ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒමට කටයුතු නොකර බඩගින්නේ මැරෙන්න හදන ජනතාව සඳහා පිළියම් සෙවිය යුතු බවයි.

එරික් ගාමිණි ජිනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment