13 වැනි දකුණු ආසියාතික පාපන්දු තරගාවලියේදී ශී‍්‍ර ලංකාව සහ නේපාලය අද ගැටෙති

146

මාලදිවයිනේ මාලේ අගනුවර පිහිටි සුප‍්‍රසිද්ධ ජාතික ක‍්‍රීඩාංගණයේදී දැන් ක‍්‍රියාත්මක 13 වැනි දකුණු ආසියාතික පාපන්දු තරගාවලිය හෙවත් ‘‘සාෆ්’’ ශූරතාවලියේ දෙවන තරගයට සහභාගි වන ශ‍්‍රී ලංකා ජාතික පිල අද (04 දා) ප‍්‍රතිවාදී නේපාලයට එරෙහිව සටන් වදී.

මෙවර තරගාවලිය යටතේ නේපාලය මෙන්ම ශ‍්‍රී ලංකාව මුහුණ දෙන දෙවැනි තරගය මෙය වෙයි.

ලෝක ශ්‍රේණිගත කිරීම අනුව 168 වෙනි ස්ථානයේ පසුවන නේපාලයට එරෙහිව 205 ස්ථානයේ පසුවන ශ‍්‍රී ලංකාව අද තරගයේ දී ජයග‍්‍රහණය අපේක්ෂාවෙන් ආක‍්‍රමණශීලී ක‍්‍රීඩා රටාවක නිරත වනු ඇතැයි අනුමාන කළ හැකිය. ප‍්‍රතිවාදී නේපාල අභියෝගය හමුවේ මානසික මට්ටම නියතව පවත්වා ගැනීම ශ‍්‍රී ලාංකේය ක‍්‍රීඩකයන්ගේ

වගකීම වෙයි. අන්‍යෝන්‍ය සම්බන්ධතාවයෙන් යුතුව මනා පන්දු හුවමාරුවක නිරතවීම අද තරගයේ දී අතිශයින් වැදගත් වන අතර එහි ප‍්‍රතිඵලයක් ලෙස ඉහළින් යොමු කරන පන්දු පහරවලට වඩා කෙටි හුවමාරු ආක‍්‍රමණය ස`දහා ප‍්‍රයෝජනවත් බව පෙනී යයි.

මෙරට වේලාවෙන් රාත‍්‍රි 09.00 ට මෙම තරගය ආරම්භ කිරීමට ආසියානු පාපන්දු සම්මේලනය පියවර ගෙන තිබේ.

මෙවර තරගාවලියට අවතීර්ණ වෙමින් ඉන්දියාව මුහුණ දෙන පළමු තරගය අද (04 දා) ප.ව. 04.00 ට බංගලාදේශයට එරෙහිව පැවැත්වේ.

මෙවර තරගාවලිය ක‍්‍රියාත්මක කරමින් ශ‍්‍රී ලංකා පිල මුහුණ දුන් පළමු තරගයේදී ප‍්‍රතිවාදී බංග්ලාදේශය හමුවේ ගෝල් 01 – 00 ක අනපේක්ෂිත පරාජයක් ලැබීය.

අනතුරුව පැවති සත්කාරක මාලදිවයින සහ නේපාලය අතර තරගයෙන් ගෝල් 01 – 00 ක පෙරළිකාර ජයග‍්‍රහණයක් සටහන් කර ගැනීමට නේපාලය නියෝජනය කළ ක‍්‍රීඩකයෝ සමත් වූහ.

ඒ අනුව ලකුණු 03 බැගින් සටහන් කර ගනිමින් ප‍්‍රසාද ලකුණු පුවරුවේ පෙරමුණ ගැනීමට බංග්ලාදේශය සහ නේපාලය සමත්ව සිටී.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment