13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව භික්ෂු විරෝධතාවය

266


13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ ලෙස බලාත්මක කිරීමට එරෙහිව මහා සංඝරත්නය අද පාර්ලිමේන්තු පිවිසුම අසල විරෝධතාවයක නිරතව සිටිති.මෙම උද්ඝෝෂණය විසුරුවාහැරීමට පොලිසිය උත්සාහා කිරීමත් සමග උනුසුම් තත්ත්වයක් මතුවිය.
ඒ භික්ෂූන් වහන්සේ පොල්දූව මංසන්ධියෙන් පාර්ලිමේන්තුව දෙසට වැඩම කිරීමට උත්සාහ කිරීමත් සමගය.අනතුරුව භික්ෂූන් වහන්සේ පාගමනින් දියත උයන පසුකරමින් පොල්දූව මංසන්ධිය දක්වා වැඩම කළහ.

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කිරීම සඳහා ජනාධිපතිවරයා ගෙන ඇති තීරණයට විරෝධය පළකරමින් මහා සංඝරත්නය අද පෙරවරුවේ කෝට්ටේ පැරකුම්බා පිරිවෙන අසලින් මෙම විරෝධතා පාගමන ආරම්භ කළහ.

advertistmentadvertistment
advertistmentadvertistment