13 සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීමට සංඝරත්නය ඉඩ දෙන්නේ නෑ – මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

460

13 වන ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කිරීමට මෙරට මහා සංඝරත්නය ඉඩ ලබා නොදෙන බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති. පසුගිය සිකුරාදා නාරාහේන්පිට අභයාරාමයේ පැවති ආගමික උත්සවයකට එක්වෙමින් උන්වහන්සේ මේ කරුණු අනාවරණය කළේය. එහිදී අදහස් දැක්වූ කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය. පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ මෙසේද කීහ.

“අපේ තාත්තා රට. අපේ අම්මා බුදු හාමුදුරුවෝ. ඒක හින්දා සම්බුද්ධ ශාසනය කසායක් නම් අපේ රට විතරයි එකම මුට්ටිය ඒක දරාගෙන ඉන්න. ඒක දෙකට කඩලා තුනට කඩලා 13 පූර්ණ වශයෙන් බලාත්මක කරලා ඉඩම් සහ පොලිස් බලතල දෙනවා නම් ඊට විරුද්ධව හාමුදුරුවරු හෙටත් නැඟිටින්න ලෑස්තියි. මේ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව පිළිබඳව සාකච්ඡා කළොත් ඒකත් දේශපාලනය කියනවා නම් කමක් නැහැ. තාත්තා රැකගැනීම උදෙසායි ඒ සියල්ල කරන්නේ. බුදු හාමුදුරුවන්ගේ දේශනාව රකින එකම රට සම්බුද්ධ ශාසනය තියෙන එකම රට ලංකාව. ඒක කෑලි දෙකකට හෝ තුනකට හෝ කඩන්න හෝ කැඩෙන්න ඉඩ හරින්න හෝ කවුරු අත ඉස්සුවත් විරුද්ධයි. විරුද්ධයිම තමයි. කැමති නැහැ. කැමති නෑම තමයි.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment