මහ මැතිවරණය වෙනුවෙන් නොවැම්බර් 13 සහ 14 යන දෙදින තුළ දිවයිනේ සියලුම පාසල් සඳහා නිවාඩු ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
පාසල් නැවත නොවැම්බර් 18 වැනිදා ආරම්භ කෙරෙන බවද එම අමාත්‍යාංශය කියයි.
2024 මහ මැතිවරණය නොවැම්බර් 14 වැනිදා පැවැත්වේ.
ඡන්ද මධ්‍යස්ථාන වශයෙන් යොදාගන්නා පාසල්, 2024/11/ 12 වැනිදා පාසල් වේලාවෙන් පසුව අදාළ ග්‍රාම නිලධාරීන් වෙත භාරදීමට කටයුතු කළ යුතුය.
ඡන්ද මධ්‍යස්ථාන කටයුතු සඳහා අවශ්‍ය මේස, පුටු සහ ශාලා පහසුකම් ලබාදීමට සියලුම කලාප අධ්‍යාපන අධ්යක්ෂවරුන් හා විදුහල්පතිවරුන් දැනුවත් කර ඇතැයි ද අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ ඉල්ලීම් මත ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස යොදාගන්නා පාසල් අදාළ කාලවකවානුව තුළ මෙසේ නිවාඩු ලබාදීමට කටයුතු කරනු ඇත.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා