1390 ජාතික ඒකාබද්ධ කොඩිව්-19 ගෘහස්ථ සත්කාර විසඳුම මගින් රෝගීන් ලක්ෂයකට අධික සංඛ්‍යාවකට සාර්ථකව සත්කාරක සේවා ලබාදෙයි

59

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සංකල්පයකට අනුව ක‍්‍රියාවට නංවන ලද 1390 ජාතික ඒකාබද්ධ කොඩිව්-19 ගෘහස්ථ සත්කාර විසඳුම මඟින් නිවෙස්වල නිරෝධායනය වූ කොවිඞ් – 19 රෝගීන් 100,000 කට අධික සංඛ්‍යාවකට සාර්ථකව සත්කාරක සේවා ලබාදීමට සමත්ව තිබේ.

මෙම සද්කාර්යය වෙනුවෙන් ලෝක බැංකුවේ සහාය මෙන්ම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උපරිම සහායද හිමිවූ අතර, ඩයලොග් ආසිආටා පීඑල්සී, ලංකා බැංකුව සහ වේව්නෙට් (පුද්) සමාගමේ සාඩම්බර සවිබලය ඊට හිමිවිය.

PCR සහ RAT (රැපිඞ් ඇන්ටිජන්) පරීක්ෂණයන්ගෙන් තහවුරු වූ රෝගීන්ගේ ගෘහස්ථ සත්කාර ඒකාබද්ධ වූ ඩිජිටල් ක‍්‍රමවේදයක් ඔස්සේ නිසි කළමනාකරණයකින් යුතුව සිදුකිරීම වෙනුවෙන් අවශ්‍ය සහාය ලබාදීම පිණිස, භාෂා ත‍්‍රිත්වයෙන්ම ක‍්‍රියාත්මක වන ගාස්තු රහිත 1390 හදිසි ඇමතුම් අංකය සහ රෝගීන් කළමනාකරණය කිරීමේ පද්ධතිය හඳුන්වාදෙන ලදී. 1390 හදිසි ඇමතුම් අංකයට සහ සියලූම සන්නිවේදන අවශ්‍යතාවයන් සඳහා ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගමේ අනුග‍්‍රහය හිමිවන අතර, රෝගී කළමනාකරණ පද්ධතිය සඳහා වේව්නෙට් සමාගමේ අනුග‍්‍රහයද, ඇමතුම් මධ්‍යස්ථානය සඳහා ලංකා බැංකුවේ අනුග‍්‍රයද හිමිවිය. විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් විසින් රෝගීන් කළමනාකරණය කිරීමේ ක‍්‍රියාවලියට නායකත්වය දෙනු ලැබූ අතර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සම්බන්ධීකරණයෙන් පුහුණුව ලත් වෛද්‍ය නිලධාරීන් 600 දෙනෙකු ඒ වෙනුවෙන් අනුයුක්ත කෙරිණි. 

advertistmentadvertistment
advertistmentadvertistment