14 හැවිරිදි දැරියක් කැඳවාගෙන ගොස් අඹුසැමියන් ලෙස හැසිරුණු 22 හැවිරිදි ඇයගේ පෙම්වතා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
දැරියගේ දෙමව්පියන් විසින් කරන ලද පැමිණිල්ලක් අනුව කුඹුක්කන, ගල්වල පාරේ තරුණයාගේ නිවසේ සිටි තරුණයා සහ දැරිය පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඉදිරිපත් කර ඇති අතර තරුණයා මොනරාගල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත. මොනරාගල මූලස්ථානපොලිස් පරීක්ෂක පී. එස්. චාමින්ද සංජීව මහතා පරීක්ෂණ පවත්වයි.
බඩල්කුඹුර – රවිඳු ගුණතිලක