14 න් පහළ අන්තර් පාසල් පාපන්දු ශුරතා තරගාවලිය 13 වැනිදා සිට

70

පාසල් සිසුහු 12000 ක් තරග බිමට

පාසල් සිසුන් 12000 ක් පමණ සහභාගි වන වයස අවුරුදු 14න් පහළ අන්තර් පාසල් පාපන්දු තරගාවලිය මේ මස 13 වැනිදා දඹුල්ලේදී ආරම්භ වේ.

දිස්ත්‍රික්ක විසිපහ පුරා ක්‍රියාත්මක වන පරිදි ක්‍රීඩාංගණ 32 කදී, බාලක කණ්ඩායම් 470 ක් සහ බාලිකා කණ්ඩායම් 130ක් මේ සඳහා සහභාගී වනු ඇත.

තරගාවලියේදී දිස්ත්‍රික් මට්ටමින් ශූරයන් ලෙස තේරී පත් වූ බාලක කණ්ඩායම් 32ක් සහ බාලිකා කණ්ඩායම් 24ක් කොළඹ කේන්ද්‍ර කර ගනිමින් අවසන් මහා තරගය සඳහා අවතීර්ණ වීමට නියමිතය.

ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංගමය විසින් සංවිධානය කරනු ලබන මෙම තරගාවලිය සඳහා සීබීඑල් සමපෝෂ, අඛණ්ඩව දොළොස්වන වරටත් අනුග්‍රාහක දායකත්වය ලබා දේ.

බාලක, බාලිකා දෙඅංශයේම හොඳම ක්‍රීඩකයා, හොඳම ක්‍රීඩිකාව සහ හොඳම ගෝල රකින්නා සඳහා ද විශේෂ ඇගයීම් හා සම්මාන මෙහිදී පිරිනමනු ලබයි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා අධ්‍යක්ෂ, උපාලි අමරතුංග මහතා එහිදී අදහස් දක්වමින් මෙසේ ප්‍රකාශ කළේය. “මෙම තරගාවලිය, ඇතැම් විට පාපන්දු ක්‍රීඩකයකු පළමු වරට තරග කරනු ලබන තරගාවලියක් වීමට පුළුවන්. එම නිසා මෙම තරගාවලිය ඔවුන්ගේ අනාගත ක්‍රීඩා දිවියට විශාල ලෙස බලපානු ලබනවා. මෙවැනි තරග ක්‍රීඩා ක්ෂේත්‍රයට තවදුරටත් අත්‍යවශ්‍ය වෙනවා. එම නිසා පසුගිය වසර 12 පුරාවට සමපෝෂ විසින් එය අඛණ්ඩව පවත්වාගෙන යෑමට ලබාදුන් සහයෝගය ඉතා අගය කළ යුතුයි.

සීබීඑල් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී තිලංක ද සොයිසා, ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංගමයේ සභාපති යූ.එස්.ඒ. බණ්ඩාර ලීලාරත්න යන මහත්වරු ද එහිදී අදහස් දැක්වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment