අයර්ලන්තයේ කඩුලු දෙකක් දැවේ… අර්ධ ශතකයකුත් වාර්තාවේ

115


ශ්‍රී ලංකාව සහ සංචාරක අයර්ලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස් ක්‍රිකට් තරගය අද පෙරවරුවේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ විය.කාසියේ වාසිය දිනූ අයර්ලන්ත කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.ඒ අනුව අයර්ලන්ත කණ්ඩායම මේ වන විට කඩුලු දෙකක් දැවී ලකුණු 78ක් ලබා සිටී. ජේම්ස් මැක්ලම් ලකුණු 10කට සහ පීටර් මූර් ලකුණු 05 කට දැවී ගියහ. එම කඩුලු දෙක අසිත ප්‍රනාන්දු සහ ප්‍රභාත් ජයසූරිය ලබාගත්හ.නොදැවී පන්දුවට පහර දෙන ඇන්ඩි බැල්බර්නි ලකුණු 51ක් සහ හැරී ටෙක්ටර් ලකුණු 10ක් ලබා සිටිති.

advertistmentadvertistment
advertistmentadvertistment