144 වැනි නිල් මහා සටන 16 වැනිදා සිට 18 වැනිදා දක්වා

234

ශ්‍රී ලංකාවේ දීර්ඝතම ඉතිහාසයක් සහිත මහා ක්‍රිකට් සංග්‍රාමය වන කොළඹ රාජකීය විදුහල සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල අතර දිවංගත ඩී. එස්. සේනානායක අනුස්මරණ පළිහ වෙනුවෙන් අඛණ්ඩව 144 වැනි වරට පැවැත්වෙන නිල් මහා සටන ලබන 16 සිට 18 වැනිදා දක්වා කොළඹ 07, එස්.එස්.සී. පිටියේදී පැවැත්වීමට නියමිතය.

විදුහල් දෙක අතර “මස්ටන්ස් කුසලානය” වෙනුවෙන් පැවැත්වෙන සාම්ප්‍රදායික එක්දින තරගය නිල් මහා සටනට පසුව එළඹෙන 24 වැනිදාා දිනයේ පැවැත්වීමට නියමිතය.

මෙම වසරේ ගල්කිස්ස ශා. තෝමස් කණ්ඩායම කඩුළු රකින ක්‍රීඩක රොමේෂ් මෙන්ඩිස් විසින් මෙහෙයවද්දී, තුන් ඉරියව් ක්‍රීඩක දාසිස් මංචනායක කොළඹ රාජකීය කණ්ඩායමට නායකත්වය ලබාදෙයි.

මෙම තරගයේදී රැස් කරන සෑම ලකුණකටම රු.1000ක මුදලක් හා බිඳ වැටෙන සෑම කඩුල්ලක් සඳහාම රුපියල් 10,000ක මුදලක් ලබාදීමට ඩයලොග් ආසිආටා සමාගම ප්‍රතිඥාවක් ලබාදී ඇත. පසුගිය වසරේ 834,000ක මුදලක් ‘ඡක්හ දෙර ් ක්‍්මිැි’ වෙනුවෙන් පිරිනමන ලදී. එම එම මූල්‍ය ප්‍රදානය කොළඹ රාජකීය විදුහලේ විදුහල්පතිතුමන් සහ ශා. තෝමස් විදුහලේ විද්‍යාලයාධිපතිතුමන්ගේ උපදෙස් අනුව උපකාර අවශ්‍ය පාසල් සඳහා ලබාදීමට කටයුතු කරන ලදී.

රාජකීය – ශා. තෝමස් මහා ක්‍රිකට් තරගය වසර 143ක් පුරා විහිදුණු ඉතිහාසයකට හිමිකම් කියයි. එය ලොව දෙවැනි දීර්ඝතම කාලයක් අඛණ්ඩව පැවැති ක්‍රිකට් තරගාවලිය වන අතර එය දෙවැනි වන්නේ ඔස්ටේ්‍රලියාවේ ඇඩිලේඩ් හි ීඑගඡැඑැරි විදුහල හා ඡරසබජැ ්කරෙැා විදුහල අතර වාර්ෂික ක්‍රිකට් තරගයට පමණි. එය ඇරඹී ඇත්තේ රාජකීය-ශා. තෝමස් තරගය ඇරඹීමට වසරකට මත්තෙනි. 1882 දී එංගලන්තය සහ ඔස්ටේ්‍රලියාව අතර අළු බඳුන කුසලාන ක්‍රිකට් තරගාවලිය ඇරඹෙන්නේ රාජකීය – ශා. තෝමස් වාර්ෂික මහ තරග ඇරඹුමෙන් දෙවසරකට පසුය.

‘නිල් මහා සටනේ’ පළමු තරගය 1880 වසරේදී ගාලු මුවදොර පිටියේදී පැවැත්විණි. එය මේ වන විට කොළඹ ටාජ් සමුද්‍රා හෝටලය පිහිටි ස්ථානයයි. රාජකීය – ශා. තෝමස් මහ තරගයේදී බිහිවූ ක්‍රිකට් ක්‍රීඩකයන් අතර පසුකලෙක මේ රට පාලනය කිරීමට වරම් ලැබූවෝද වූහ. ජාතියේ පියා යන විරුදාවලිය ලත් මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මැතිතුමන් (1901-1902), ඔහුගේ පුත් දිවංගත ඩඩ්ලි සේනානායක මැතිතුමන් (1927-1929) යන හිටපු අගමැතිවරුන් ශා. තෝමස් විදුහල නියෝජනය කරමින්ද, හිටපු අග්‍රාමාත්‍ය ශ්‍රීමත් ජෝන් කොතලාවල මැතිතුමන් (1914-1915) මෙන්ම ප්‍රථම විධායක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මැතිතුමන් (1925) රාජකීය විදුහල නියෝජනය කරමින් අදාළ වසරවලදී මෙම ඓතිහාසික මහා සටනට ක්‍රීඩා කළහ.

නිල් මහා සටන් ඉතිහාසයේ මේ දක්වා කණ්ඩායම් දෙකම ජයග්‍රහණ 35 බැගින් වාර්තා කර ඇත. අවසන් වරට නිල් මහා සටනක් ජයගනිමින් මේ වන විට අදාළ කුසලාන ශා. තෝමස් විදුහල සතුව පවතින අතර, වර්ෂ 2019දී සිතාර හපුහින්නගේ නායකත්වයෙන් සුපිරි දස්කම් දක්වමින් ශා.තෝමස් පිළ හිමිකර ගත් එම කුසලාන තමන් සන්තකයට ගැනීම පිණිස, රාජකීය පිල සැරසී සිටියි. රාජකීය පිල අවසන් වරට නිල් මහා සටනක් ජයගෙන ඇත්තේ ගීශාන්ත් පණ්ඩිතරත්නගේ නායකත්වය යටතේ 2016 වසරේදීය.

advertistmentadvertistment
advertistmentadvertistment