15 හැවිරිදි දැරිය අපයෝජනයට විශේෂඥ දොස්තර රිමාන්ඩ්…. මිහින්තලේ උප සභාපති ඇතුළු 3 ක් ස්වෙච්ඡාවෙන් ප‍්‍රකාශ දීමට යති

351

අන්තර්ජාල වෙබ් අඩවියක පළකර තිබූ දැන්වීමක් හරහා 15 හැවිරිදි දැරියක් මුදලට ලිංගික කටයුතු සඳහා යොදාගත් බව කියන වැලිසර නාවුක හමුදා රෝහලේ රාජකාරි කරන ලූතිනන් කමාන්ඩර් තනතුරක් දරන හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් පොලිස් ළමා හා කාන්තා කාර්යංශය මගින් ඊයේ (06 වැනිදා* අලූයම අත්අඩංගුවට ගනු ලැබීය.
 
 මේ අතර මෙම දැරිය මුදලට අලෙවි කිරීම සඳහා විවිධ ස්ථානවලට රැගෙන ගිය තවත් පුද්ගලයෙකුද ළමා හා කාන්තා කාර්යංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
 
 ලිංගික අපයෝජනයට ලක්වූ 15 හැවිරිදි දැරියගේ ජංගම දුරකථනයේ අංක පරීක්‍ෂා කිරීමේදී හෙළිවූ තොරතුරු මත සිදු කළ විමර්ශනවලදී මෙම වෛiවරයා පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇත.
 
 ඊයේ අළුයම සිදු කළ වැටලීමකදී මෙම වෛiවරයා පානදුර බණ්ඩාරගම ප‍්‍රදේශයේ පිහිටි සිය නිවසේ සිටියදී අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසීය.
 
 සැකකාර හෘද රෝග විශේෂඥ වෛiවරයා 33 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකි. අන්තර් ජාලය ඔස්සේ පළවූ දැන්වීමක් හරහා මෙම වෛiවරයා අවස්ථා දෙකකදී ඇය ලිංගික කටයුතු සඳහා රැුගෙන ගොස් ඇති බව විමර්ශන වලින් හෙළිවී ඇත.
 
 ඒ සඳහා එක් අවස්ථාවකට රුපියල් 15,000 බැගින් රුපියල් 30,000 ක් වෛiවරයා විසින් වැය කර තිබේ.
 
 ඒ අනුව මෙම දැරිය ලිංගික අපයෝජනය සඳහා යොදාගත් පුද්ගලයන් 34 දෙනකු මේ වන විට අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර සිටිති. ඔවුන් අතර මාලදිවයිනේ හිටපු තැපැල් රාජ්‍ය ඇමැති, මිහින්තලේ ප‍්‍රාදේශීය සභාවේ උපසභාපති, චීවරධාරියකු ඇතුළු සැකකරුවන් සිටින බව පොලිසිය පවසයි.
 
 මෙම දැරිය ලිංගික කටයුතු සඳහා අලෙවි කිරීමට වෙබ් අඩවි 4 ක දැන්වීම් පළකර තිබිණි.
 
 එම දැන්වීම් පළ කළ වෙබ් අඩවි සොයා ඔවුන්ට එරෙහිවද නීතිය ක‍්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පවසයි.
 
 අත්අඩංගුවට ගත් වෛiවරයා සහ අනෙක් පුද්ගලයන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යයි.
 
 ළමා හා කාන්තා කාර්යංශය, අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව සහ ගල්කිස්ස පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වා ගෙන යයි.
 
 මේ අතර බාලවයස්කාර 15 හැවිරිදි දැරියකට ලිංගික අපයෝජනය කිරීමේ චෝදනාව යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ ලූතිනන් කමාන්ඩර්වරයෙකු ලෙස කටයුතු කරන හෘද රෝග විශේෂඥ වෛiවරයා ලබන 9 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් ප‍්‍රදීපා ලෝචනී අබේවික‍්‍රම වීරසිංහ මහත්මිය ඊයේ (06දා* පස්වරුවේ නියෝග කළාය.
 
 එම සැකකරු එකී සිද්ධිය සම්බන්ධයෙන් වරද පිළිගෙන ඊයේ හෝ ස්වෙච්ඡුාවෙන් ප‍්‍රකාශයක් කිරීමට සූදානම් බව පෙන්වා දෙමින් ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අජිත් කාරියවසම් මහතා කළ කරුණු දැක්වීම සලකා බැලූ අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය එම සැකකරුව හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා රක්‍ෂිත බන්ධනාගාර ගතකර එදිනට ආවරණය කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට බන්ධනාගාර අධිරිකාරිවරයාට නියෝග කළාය.
 
 ඔහු ඉල්ලා සිටින පරිදි ස්වෙච්ඡුා ප‍්‍රකාශය කරන්නේ නම් ඉදිරි නඩු කටයුතුවලදී එය ඔහුට එරෙහිව සාක්‍ෂියක් ලෙස භාවිත කිරීමේ හැකියාව ඇති බව විවෘත අධිකරණය හමුවේ සැකකාර වෛiවරයාට පැහැදිලි කරදුන් අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය ඒ පිළිබඳ හොඳින් කල්පනා කර බලන ලෙසට අවවාද කරමින් එම නියෝගය කළාය.
 
 එම සැකකරු හා වින්දිත දැරිය ගල්කිස්ස ප‍්‍රදේශයේ පිහිටි හෝටලයකට රැුගෙන යෑමෙන් එකී ක‍්‍රියාවලිය සඳහා යොදා ගත්තේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ ත‍්‍රීරෝද රථ රියැදුරු ලබන 19 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට ද අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය එහිදී නියෝග කළාය.
 
 සිය සේවාදායකයා සිදුකර ඇත්තේ ඔහුට ලැබුණ කුලී ගමන යෑමක් පමණක් වන බව පෙන්වා දෙමින් ධනුෂ්ක පුෂ්පකුමාර නමැති සැකකාර ත‍්‍රිරෝද රථ රියැදුරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කළ ඇප ඉල්ලීම ප‍්‍රතික්‍ෂේප කළ අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය එම නියෝගය කළාය.
 
 වැලිසර නාවික හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරනා සිය සේවාදායකයා හෘද රෝග විශේෂඥ වෛiවරයෙකු ලෙස ශ‍්‍රී ජයවර්ධනපුර රෝහලට හා මොරටුව කොතලාවල ආරක්‍ෂක විiා පීඨ රෝහලට අනුයුක්තව කටයුතු කරමින් කොරෝනා වසංගතය අවම කිරීමට දැඩි කැපවීමක් කරනා අයකු බව ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කියා සිටියේය.
 
 පැමිණිල්ල පෙන්වා දෙන පරිදි කොල්ලූපිටිය ප‍්‍රදේශයේදී එකී දැරිය ලිංගික ජාවාරමට සම්බන්ධ පුද්ගලයෙකුගෙන් ලබාගෙන ගල්කිස්ස ප‍්‍රදේශයේ පිහිටි හෝටල් කාමරයකට රැුගෙන ගිය බව සැබෑ නමුත් එකී කාමරය තුළදී එම දැරිය බාලවයස්කාර දැරියක බව වැටහීයෑම නිසා ඔහු වහාම හෝටලයෙන් පිටව ගොස් ඇති බවත් ඇය සම`ග කිසිම ආකාරයකින් ලිංගිකව හැසිරී නොමැති බවත් සැකකාර විශේෂඥ වෛiවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට පෙන්වා දුන්නේය.
 
 එකී ක‍්‍රියාවලිය සහ සිය අනන්‍යතාව පිළිගනිමින් සැකකරු අධිකරණයට දිවුරුම් ප‍්‍රකාශයක් ඉදිරිපත් කර ඇති බැවින් හඳුනා ගැනීමේ පෙරට්ටුවක් පැවැත්වීමේ අවශ්‍යතාවක් නොමැති බවද කියා සිටි සැකකරුගේ නීතිඥවරයා හඳුනාගැනීමේ පෙරට්ටුවක් නොපවත්වන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටි අතර සැකකරුගේ සමාජයීය වගකීම සම්බන්ධයෙන් දක්වන කරුණු අධිකරණයට වැදගත් නොවනා බව අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය එහිදී පෙන්වා දුන්නාය. සැකකරුගේ නීතිඥවරයා පවසන පරිදි ඇය බාලවයස්කාරියක් වන්නේ යැයි කියන කරුණු එම සැකකරු වින්දිත දැරිය ලබාගත් අවස්ථාවේදී සහ ඇය සමග පෙරකී හෝටලයට ගොස් කෝපි පානය කළ අවස්ථාවේදී දැන ගැනීමට නොහැකි වූයේ මන්දැයි එහිදී විමසා සිටි විමර්ශන නිලධාරීහු බාලවයස්කාර දැරියක ලිංගික කටයුතු සඳහා යොදවන බවට ඔහු පැමිණිල්ලක් හෝ සිදු නොකිරීමෙන් රජයේ වගකිවයුතු නිලධාරියකු ලෙස වගකීම් පැහැර හැර ඇතැයිද අධිකරණයට පෙන්වා දුන්හ.
 
 එම හෝටල් කාමරය තුළදී සැකකරු සම`ග ලිංගිකව එක්වීමක් සිදුවූ බවට වින්දිත දැරිය ප‍්‍රකාශයක් ලබාදී ඇති බවත් ඔහුව නැවත දුටුවහොත් හඳුනාගත හැකි බවට ඇය ප‍්‍රකාශ කර ඇති බැවින් හඳුනා ගැනීමේ පෙරට්ටුවක් පවත්වන ලෙස එහිදී අධිකරණයෙන් ඉල්ලා සිටි විමර්ශන නිලධාරීහු එම සැකකරු මේවන විට අලූත් විත්තිවාචකයක් ගොඩනගා ඇතැයි අධිකරණයට පෙන්වා දුන්හ.
 
 මේ අතර එම අපරාධය සම්බන්ධයෙන් හඳුනාගැනීමේ පෙරට්ටුවකට යොමු කර රක්‍ෂිත බන්ධනාගාර ගතකර සිටින මිහින්තලේ ප‍්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා, බලංගොඩ ප‍්‍රදේශයේ පදිංචි කෝටිපති මැණික් ව්‍යාපාරිකයා සහ කළුතර ප‍්‍රදේශයේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයා ආවරණය කොට අද (07දා* විවෘත අධිකරණය හමුවට ඉදිරිපත් කරනා ලෙසටද අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය එහිදී බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළාය.
 
 එකී සැකකරුවන් තිදෙනා අපරාධ නඩු විධාන සංග‍්‍රහයේ 127 වගන්තිය යටතේ අධිකරණය හමුවේ ස්වෙච්ඡුාවෙන් ප‍්‍රකාශ සිදුකොට වරද පිළිගැනීමට සූදානම් බව පෙන්වා දෙමින් ඔවුන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ රොෂාන් දෙහිවල මහතා කළ ඉල්ලීම සලකා බැලූ අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය ඇන්ටිජන් පරීක්‍ෂණයකට ලක් කිරීමෙන් අනතුරුව එකී වාර්තා සමග එම සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝග කළාය. ඔවුන් ස්වෙච්ඡුා ප‍්‍රකාශ සිදු කිරීමට සූදානම් වන බැවින් ඔවුන් වෙනුවෙන් පැවැත්වීමට නියමිත හඳුනා ගැනීමේ පෙරට්ටු අවලංගු කරනා ලෙසද නීතිඥ රොෂාන් දෙහිවල මහතා අධිකරණයෙන් ඉල්ලා සිටි නමුත් අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය එම ඉල්ලීම ප‍්‍රතිෂේප කළාය. උප සභාපතිවරයා ඇතුළු සිය සේවාදායකයන් තිදෙනා ඔවුන් සම්බන්ධවූ එකී ක‍්‍රියාවලිය සම්බන්ධයෙන් සම්පූර්ණ තොරතුරු ඔවුන්ගේ ප‍්‍රකාශ මගින් විමර්ශන නිලධාරීන්ට අනාවරණය කර දිවුරුම් ප‍්‍රකාශ ඉදිරිපත් කර ඇති බව ද එහිදී අධිකරණයට පෙන්වා දුන් නීතිඥවරයා ඔවුන් ඇපමත මුදාහරින ලෙසටද අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
 
 නීතිඥ නිර්මාල් කොඩිතුවක්කු, ප‍්‍රියංක ගුණරත්න යන මහත්වරුන් සම`ග ජ්‍යෙෂ්ඨ නීතිඥ රොෂාන් දෙහිවල මහතා එම සැකකරුවන් තිදෙනා වෙනුවෙන් පෙනී සිටි අතර පොලිස් සැරයන් (42373* එච්. සමරසිංහ, පොලිස් සැරයන් (44823* සුනන්ද යන මහත්වරුන් සම`ග ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක සුනිල් ප‍්‍රියන්ත මහතා පැමිණිල්ල මෙහෙයවිය.

හේමන්ත රන්දුණු සහ ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment