15 වැනි ලෝක කුසලාන කාන්තා හොකී තරගාවලිය  අවසන් පූර්ව සටන හෙට සිට

123

රටවල් 16 ක සහභාගිත්වයෙන් නෙදර්ලන්තය සහ ස්පාඤ්ඤය කේන්ද්‍ර කර ගනිමින් දැන් ක්‍රියාත්මක 15 වැනි ලෝක කුසලාන කාන්තා හොකී තරගාවලියේ තීරණාත්මක අවසන් පූර්ව වටය හෙට (16දා) ක්‍රියාත්මක කෙරෙන අතර ඒ සඳහා ඔස්ටේ්‍රලියාව, ආර්ජන්ටිනාව, නෙදර්ලන්තය සහ ජර්මනිය සුදුසුකම් ලැබීය.

අර්ධ අවසන් පූර්ව වටයේදී ප්‍රතිවාදී ස්පාඤ්ඤය ගෝල් 02 – 00 කින් පරදා ඔස්ටේ්‍රලියාව ද එංගලන්තය ගෝල් 01 – 00 කින් පරදා ආර්ජන්ටිනාව ද නවසීලන්තය ගෝල් 01 – 00 කින් පරදා ජර්මනිය ද බෙල්ජියම ගෝල් 02 – 01 කින් පරදා නෙදර්ලන්තය ද අදාළ ජයග්‍රහණ වාර්තා කර ගත්තේය. ඒ අනුව නෙදර්ලන්තයට එරෙහිව ඔස්ටේ්‍රලියාවද ජර්මනියට එරෙහිව ආර්ජන්ටිනාව ද නෙදර්ලන්තයේ ටෙරාසා නගරයේ දී අවසන් පූර්ව වටයට පිවිසීමට නියමිතය. අවසන් පූර්ව වටය ජය ගන්නා දෙපිළ මුණ ගැසෙන මෙවර තීරණාත්මක අවසන් තරගය ඉරිදා (17දා) පස්වරු 06.30 ට ආරම්භ කෙරේ. එදින පස්වරු 3.00 ට ලෝකඩ පදක්කම සඳහා තරගය පැවැත් වේ. 2018 වසරේ එංගලන්තයේ දී පවත්වන ලද අවසන් තරගාවලියේ රන් පදක්කම නෙදර්ලන්තය දිනා ගත්තේය.

එහි රිදී පදක්කම අයර්ලන්තය ට ද ලෝකඩ පදක්කම ස්පාඤ්ඤයට ද හිමි විය.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment