15 වැනි වතාවටත් ජනපි‍්‍රය නළුවා ජනතා සම්මානය රන්ජන්ට

511

ප‍්‍රවීණ රංගන ශිල්පියකු මෙන්ම චිත‍්‍රපට අධ්‍යක්‍ෂවරයකු ද වන රන්ජන් රාමනායක මහතාට මෙවර ස්ලිම් කැන්ටා මහජන සම්මාන උළෙලේදී ජනපි‍්‍රයම නළුවාට හිමි ජනතා සම්මානය හිමිවිය. 15 වන වතාවටත් ජනපි‍්‍රය නළුවාට හිමි සම්මානය ඔහුට ලැබීම විශේෂත්වයකි. මේ වනවිට සිරගතව සිටිය ද ජනතා ප‍්‍රසාදය නොඅඩුව ලබමින් රන්ජන් රාමනායක මහතා 2022 වසරේ ද ජනපි‍්‍රය නළුවාට හිමි සම්මානය දිනා ගැනීම කාගේත් පැසසුමට ලක්විය.

15 වැනි වතාවටත් ජනපි‍්‍රය නළුවා ජනතා සම්මානය  රන්ජන්ට

එහිදී රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් ඒ මහතාගේ ඥාති සොහොයුරු නෙරංජන් අසරප්පා මහතා විසින් සම්මානය ලබාගත්තේ රැස්ව සිටි පිරිසගේ උණුසුම් අත්පොළසන් ප‍්‍රතිචාර මධ්‍යයේය.

ඡායාරූපය – ජූඩ් ඩෙන්සිල් පතිරාජ

advertistmentadvertistment
advertistmentadvertistment