15 වියැති දැරියට අතවර කළ හිටපු හමුදා සෙබළා දැලේ

736

කුඩාඔය පොලිස් වසමේ පදිංචි අවුරුදු පහළොවයි මාස තුනක් වයසැති දැරියකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් හමුදා සේවය හැර ගිය සෙබළකු කුඩාඔය පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.සැකකරු තිස්දෙවැනි වියේ පසුවන අතර ඔහු දැරිය සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇත.දැරියගේ නිවෙසේ කිසිවකු නොමැති අවස්ථාවකදී නිවෙසට පැමිණි ඔහු දැරියට ලිංගික අතවර සිදුකර ඇති අතර ඒ පිළිබඳ දැරිය මවට දැනුම්දීමෙන් පසුව සැකකරු පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත. අතවරයට පත්වූ දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත්කර ඇති අතර සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. කුඩාඔය පොලිස් ස්ථානාධිපති එස්.ඒ.සී. ප්‍රසාද් මහතා පරීක්ෂණ පවත්වයි.

 බඩල්කුඹුර – රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment