15 හැවිරිදි දැරියක ගැබිනියක කළ 20 හැවිරිදි පෙම්වතාට වරෙන්තු – අනුබල දුන් සැකකරුගේ අම්මා රිමාන්ඞ්

1014

* දැරිය ළමා නිවාසයකට

තුන් මස් ගැබිනියක වූ පහළොස් හැවිරිදි බාල වයස්කාර දැරියක කිතුලම්පිටිය ළමා නිවාසයේ රඳවා තැබීමටත් ඇය ගැබිනියක කළ සැකකරුට විවෘත වරෙන්තු නිකුත් කිරීමටත් ඒ සඳහා ආධාර අනුබල දුන් සැකකරුගේ මව ලබන 12 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමටත් ගාල්ල අතිරේක මහෙස්ත‍්‍රාත් පවිත‍්‍රා සංජීවනී පතිරණ මහත්මිය නියෝග කළාය.

මෙම දැරියගේ පියා වෙනත් විවාහයක් කරගෙන ඇති අතර මව විදේශ ගතව සිට ඇත. එනිසා මිත්තණිය භාරයේ සිටි දැරිය සැකකාර විසි හැවිරිදි තරුණයා සමග පේ‍්‍රම සම්බන්ධයක් ඇති කරගෙන ඇති අතර මෙයට මාස කිහිපයකට පෙර සැකකරු ඇය නිවසට කැඳවාගෙන ගොස් දූෂණය කර ඇත. පසුව දැරිය අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ පරිවාස අධික්ෂණය යටතේ මිත්තණියගේ භාරකාරත්වයට පත් කර ඇත.

මේ අතර සැකකරු යළිත් ඇය නිවසට කැඳවාගෙන ගොස් දූෂණය කර ඇති අතර දෙවන වරට ද ඇය අධිකරණයට ඉදිරිපත් කරමින් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ දැරිය සුදුසු භාරකාරත්වයකට පත් කරන ලෙසය.

ඒ අනුව දැරිය ළමා නිවාසයේ රඳවා තැබීමටත් ඇය දූෂණය කිරීමට ආධාර අනුබල දුන් සැකකරුගේ මව රිමාන්ඞ් කිරීමටත් සැකකරුට වරෙන්තු නිකුත් කිරීමටත් අතිරේක මහේස්ත‍්‍රාත්වරිය නියෝග කළාය.

තෙලිකඩ පොලිසියේ සැරයන් ප‍්‍රනාන්දු (561) මහතා පැමිණිල්ල මෙහෙයවීය.

අහංගම – සුගතපාල දීයගහගේ

advertistmentadvertistment
advertistmentadvertistment