සිය නිවස අසල පදිංචි වයස අවුරුදු 16කට අඩු බාල වයස්කාර දැරියකට ලිංගික අපයෝජනය කිරීම ඇතුළු චෝදනා දෙකකට වරදකරු කරනු ලැබූ 50 හැවිරිදි විත්තිකරුවකුට කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඊයේ (10දා) බරපතළ වැඩ සහිත වසර 16ක සිරදඬුවම් නියම කළේය.
එයට අමතරව වින්දිත තරුණියට රුපියල් ලක්‍ෂයක වන්දියක් ගෙවීමටත්, රුපියල් 20,000ක දඩයක් ගෙවීමටත් විත්තිකරුට නියම කළ ප්‍රධාන මහාධිකරණ විනිසුරුවරයා වන්දිය නොගෙවන්නේ නම් බරපතළ වැඩ සහිත වසර දෙකක සිරදඬුවම්ද දඩය නොගෙවන්නේ නම් තවත් එක් වසරක ලිහිල් වැඩසහිත අමතර සිරදඬුවම් නියම කළේය.
මෙයට වසර 10කට පමණ පෙර කොළඹ තදාසන්න ප්‍රදේශයකදී සිදුවී ඇති එම අපරාධය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වූ ග්‍රෑන්ඩ්පාස් පොලිසිය ඉදිරිපත් කළ විමර්ශන උධෘත සලකා බැලූ නීතිපතිවරයා එම විත්තිකරුට එරෙහිව නඩු පවරා තිබිණි. අධිචෝදනා පත්‍රයේ සඳහන් පළමු හා පස්වන චෝදනා දෙකකට විත්තිකරු වරදකරු බවට දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව අධිකරණය නිගමනය කර තිබිණි.
ඒ. ජේ. ඒ. අබේනායක