17 වියැති රදර්ෆඩ් තනිවම ලොව වටා ගුවනින් ගොස් වාර්තා තබයි

207

තනිවම ගුවනින් ලොව වටා ගොස්, ළාබාලතම ගුවන් නියමුවා බවට පත්වන්නට බෙල්ජියම් ජාතික 17 වියැති මාර්ක් රදර්ෆඩ් ඊයේ (25දා) සමත්වුණේ මෙයින් මාස පහකට ප්‍රථම ගමන් ආරම්භ කළ බල්ගේරියානු සොෆියා ගුවන්තොටුපළ වෙත සිය යානාව ගොඩබැස්සවීමත් සමගිනි.

ඒ සමගින් ගිනස් ලෝක වාර්තා දෙකකට හිමිකම් කියන්නට ඔහු සමත් වූ අතර ඉන් එක් වාර්තාවක් සාරා රදර්ෆඩ් නමැති ඔහුගේ සහෝදරිය විසින් පසුගිය වසරේ දී තැබූවක් වීම ද විශේෂත්වයකි.

මේ වෙනුවෙන් රදර්ෆඩ් නියමුවා, දින 142 ක කාලයක් තුළ ගුවනේ පැය 221 ක් රැඳී සිට තිබූ අතර ගමන් කර තිබූ සමස්ත දුර ප්‍රමාණය කිලෝමීටර් 54,124 කි. එමෙන්ම මහාද්වීප හතරකට අයත් රටවල් 30 ක එම කාලය තුළ සංචාරය කර තිබූ මෙම ළාබාලතම නියමුවා එහිදී ගොඩබැස්සවීම් හා පිටත්වීම් 68 ක් සිදුකර තිබිණි. එහිදී දීර්ඝතම ගුවන් ගමන් ඛණ්ඩය ලෙස ජපානයේ සිට ඇමරිකාව දක්වා ගමන් කළ පැය 10 ක ගුවන් ගමන සටහන්ව තිබූ අතර එය මුළුමනින්ම සාගරය හරහා ගමන් කර තිබිණි. ඔහු මෙම සංචාරය සඳහා ශාක්ලට් මාදිලියේ සැහැල්ලු ගුවන් යානාවක් භාවිත කර ඇත.

පසුගිය වසරේ ලොව වටා තනිවම ගුවනින් ගොස් ළාබාලතම ගුවන් නියමුවරිය බවට පත්වූ ඔහුගේ සහෝදරිය සාරා රදර්ෆඩ් තම ගමන අතරතුර රත්මලාන ගුවන්තොටුපළ නැවතුම් මධ්‍යස්ථානයක් බවට පත්කරගත්තාය.

වසන්ත ලියනගේ

advertistmentadvertistment
advertistmentadvertistment