18ට අඩු දැරියක් රවටාගෙන ගොස් ලිංගික කටයුතු සඳහා මුදලට විකිණුවේ යැයි කියූ නඩුවේ විත්තිකරුවෝ නීතියෙන් නිදහස් වෙති

117

මහමග ගමන් කරමින් සිටි වයස අවුරුදු 18ට අඩු තරුණියක් රවටාගෙන ගොස් ලිංගික කටයුතු සඳහා මුදලට විකිණීම හා ඒ සඳහා ආධාර අනුබල දීම යන චෝදනා දෙක යටතේ පවරා තිබූ නඩුවක විත්තිකරුවන් දෙදෙනකු විත්තියේ සාක්‍ෂි කැඳවීමකින් තොරවම නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඊයේ (27දා) නියෝග කළේය.

අගතියට පත්වූ එම කාන්තාව අධිකරණය හමුවේ ලබාදුන් සාක්‍ෂිය කිසිසේත්ම තම අධිකරණයට පිළිගත නොහැකි බවත් පෙන්වා දුන් ප්‍රධාන මහාධිකරණ විනිසුරුවරයා ඩබ්ලිව්. එම්. මාලනී සහ ප්‍රදීප් සමන් කුමාර නමැති විත්තිකරුවන් එලෙස නිදොස් කොට නිදහස් කළේය. නීතිඥ චරිතා මධුවන්ති මහත්මිය සමග ජ්‍යෙෂ්ඨ නීතිඥ වීරසේන රණහේවා මහතා පළමු වන චූදිත වෙනුවෙන් පෙනී සිටි අතර නීතිඥ ගීත් කරුණාරත්න මහතා දෙවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටියේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment