මෙවර ජනාධිපතිවරණයට අදාළව සිදු කරනු ලබන මැතිවරණ ප්රචාරක කටයුතු ලබන බදාදා (18දා) මධ්‍යම රාත්‍රි 12න් අවසන් වෙයි.
මැතිවරණ නීතියට අනුව ඡන්ද විමසීම සිදුකරන ලබන 21 වැනිදාට පැය 48කට පෙර සියලු ප්රචාරක කටයුතු අවසන් කළ යුතුය.
ඒ අනුව 19 හා 20 දින දෙක නිහඬ කාලයක් අප නම් කර ඇති අතර එම කාලයේදී කිසිදු ප්‍රචාරයකින් තොරව නිදහසේ සිතා බලා තීරණ ගැනීමට ජනතාවට ඉඩදිය යුතු බව මැතිවරණ කොමිසම් නිලධාරියෙක් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.
මේ අතර ප්‍රදර්ශනය කර ඇති සියලු පෝස්ටර්, කටවුට්, බැනර් ආදිය ද 18 වැනිදා මධ්‍යම රාත්‍රියට පෙර ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිසම පොලිසියට දැනුම් දී ඇත.
රනිල් ධර්මසේන