18,000ක් දුවන පෞද්ගලික බස්වලින් අද දුවන්නේ 3000යි – ගැමුණු කියයි

74

රට තුළ පවතින ඩීසල් හිඟය හේතුවෙන් අද (15 දා) පෞද්ගලික බස් රථ පහළොස්දහසක් පමණ ධාවනය නොවන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ‘දිවයින’ ට පැවැසීය.

පවතින තත්ත්වය හමුවේ අද දිනයේ ධාවනය වන මුළු පෞද්ගලික බස් රථ සංඛ්‍යාව තුන්දහසක් (3000) බව ද හෙතෙම කීය. දිවයින පුරා පෞද්ගලික බස් රථ 20,000 ක් ඇති බවත්, මීට පෙර දෛනිකව බස් රථ 18,000 ක් ධාවනය වූ බවත් ඒ මහතා කියා සිටියේය.

ඩීසල් හිඟය හේතුවෙන් බස් රථ විශාල සංඛ්‍යාවක් ධාවනය කරවීමේ ගැටලු මතුවෙමින් ඇතැයි ද හෙතෙම කීය.

ඩීසල් ලබාගැනීමට නොහැකි වුවහොත් සියලු පෞද්ගලික බස් රථ ධාවනය නතරවනු නොවැළැක්විය හැකි බවද හේ වැඩිදුරටත් සඳහන් කළේය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment