1848  මාතලේ  නිදහස් සටනට වසර 174යි

150

වීර පුරන් අප්පු, ගොංගාලේගොඩ බණ්ඩා, කුඩාපොළ හිමි දිවි පූජා කරති
 

 ක්‍රි: ව 1815 මාර්තු 02 දින උඩරට ගිවිසුම මගින් මුළු දිවයිනම බි්‍රතාන්‍යයට යටත් වූ පසු 1948 පෙබරවාරි මස 04 වන දින නිදහස ලබාගන්නා තෙක් කාලය තුළ ඔවුන්ගෙන් රට මුදාගැනීම සඳහා සන්නද්ධ නිදහස් අරගල 07 ක් අපේ මුතුන් මිත්තන් විසින් දියත් කර ඇත. ඒ 1818, 1820 ජනවාරි, 1820 ජුලි, 1823 මාතලේ, 1834, 1842 සහ 1848 මාතලේ වශයෙනි.

1848  මාතලේ  නිදහස් සටනට වසර 174යි

මෙම අරගල අතරින් සිංහල සේනාවන් ඉතා තිරශ්චින ලෙස වැඩි සංඛ්‍යාවක් මරණයට පත්වූ සහ එකම ඉංග්‍රීසි සෙබළකු හෝ මරණයට පත් නොවූ අරගලය වූයේ 1848 මාතලේ කැරැල්ලයි.

 දිවයින තුළ වූ මුඩුබිම් අක්කරයක් සිලිම් 5 කට හෙවත් රුපියල් දෙකයි ශත 50ක් වැනි සුළු මුදලකට මිලදී ගැනීමත්, ඉන් නොනැවතී ඇඟ බද්ද, බලු බද්ද, කෝපිකඩ (සාප්පු) බද්ද, පාර බද්ද, ඔරු බද්ද, මරාල බද්ද, වැනි ජන ජීවිතයට ඉතා තදින් බලපාන්නා වූ අසාධාරණ බදු පැනවීම නිසා සාමාන්‍ය ජනතාවට මහත් දුක්පීඩාවන්ට මුහුණ දීමට සිදුවිය.

 මේවාට සහන පතා ගාල්ල, බොරැල්ල, මහනුවර ආදී ප්‍රදේශවල ජනතාව නන් අයුරින් පාලකයන් වෙතින් ඉල්ලීම් කළත් ඒවාට ඇහුම්කන් දීමට ආණ්ඩුකාර ටොරින්ටන්, හෝ මහලේකම්, එමසන්ට් කිසිදු පියවරක් ගත්තේ නැත. ජීවත්වීමේ දුක්ඛිත ගැටලුවට මුහුණපෑ ජනතාව අවසානයේ නැවත වරක් සන්නද්ධ අරගලයකට කෙමෙන් තල්ලු වී ගියේය. මීට පෙර සිදුවූ අනෙකුත් අරගලවලදී රටේ ප්‍රභූ පැළැන්තිය නායකත්වය දුන්නත් 1848 මාතලේ කැරැල්ලට නායකත්වය දුන්නේ සාමාන්‍ය පවුල්වල මෙන්ම දකුණු ප්‍රදේශයෙන් පැමිණි තරුණයන් වීම විශේෂයෙන් කැපී පෙනෙයි.

 මීට පෙර පැවති කැරලිවලදී උඩරට රදළ පවුල්වල සාමාජිකයන් බොහෝ පිරිසක් විනාශවීමත්, සිටින අය ඒවායින් හෙම්බත්වී සිටීම, ඇතැම් අය ඉංග්‍රීසි පාලනයේ තනතුරු, වරප්‍රසාද ලබා තිබීමත් මෙම තත්ත්වයට බොහෝ දුරට හේතුවී තිබිණි. මෙම තත්ත්වය යටතේ මොරටුව ප්‍රදේශයෙන් පැමිණි ප්‍රැන්සිස්කු ප්‍රනාන්දු, දීනිස් කරෝඅප්පු, පෑලියගොඩ ඩේවිඩ්, හඟුරන්කෙත ඩිංගිරාල ආදීන්ගේ නායකත්වයෙන් උඩරට ප්‍රදේශය තුළ ඉංග්‍රීසින්ට එරෙහිව කැරැල්ලක් සංවිධානය විය. මේ අනුව 1848 ජුලි 28 දින මාතලේ දිස්ත්‍රික්කයේ වත්තේගම ප්‍රදේශයේ වාරියපොළ ගමේ පිහිටි ඉංග්‍රීසින්ට අයත් කෝපි වත්තකට ඔවුන්ගේ ප්‍රථම ප්‍රහාරය එල්ල විය. මෙම ප්‍රහාරය එල් වූ සැණින් වතුහිමියා වූ ‘වයිනර්’ ඇතුළු සුදු වතු හිමියන් මාතලේටත් මහනුවරටත් පලාගිය අතර, ප්‍රහාර මැඬලීම සඳහා ඉංග්‍රීසි පාලකයන් විසින් එම ප්‍රදේශවලට හමුදාව යෙදීමට කටයුතු යෙදීය.

 එවකට මාතලේ, මැක්ඩොවල්, බලකොටුවේ ප්‍රධානියා වූ කපිතාන් ‘ලිලිට’ සහය පිණිස කපිතන් වොට්සන්ගේ නායකත්වයෙන් භටයින් 100 කගෙන් සමන්විත ‘සිලෝන් රයිපල්’ බළකායද ලුතිනන් ‘ග්‍රීසන්’ගේ නායකත්වයෙන් 15 වෙනි රෙජිමේන්තුවේ භටයන් 100ක් ද මේ සඳහා යෙදවිණි. සහායට ලුතිනන් ‘රුත්පොඩ්’ සහ කපිතන් ‘හෙන්ඩර්සන්’ ද යෙදවිණි. මෙම සේනාංක වාරියපොළ වත්තට හා ඒ අවට කැලෑවලට කඩා වැදී ඉතා අමානුෂික ලෙස කැරලිකරුවන් ඝාතනය කරන්නට විය. ‘ජෙමඩාර්, නම් මැලේ පොලිස් භටයා යටත් වූ සහ තුවාල ලැබූ කැරලිකරුවන්ට කැත්තකින් කොටමින් හිස් කුඩු කරමින් ම්ලේච්ඡ ඝාතනයක් සිදු කළේය. අවසානයේ කපිතාන් හෙන්ඩර්සන් විසින් ජෙමඩර් අත තිබූ ලේ තැවරුණු, හිස්කෙස්, මස් වැදලි සහිත කැත්ත උදුරා වීසි කොට එවන් ක්‍රියාවන්හි නොයෙදෙන ලෙස අවවාද කළ බවද ලේඛනවල දැක්වේ.

 මෙම පරාජයෙන් පසුබට නොවූ පුරන් අප්පු ප්‍රමුඛ සිංහල සටන්කාමීන්, හුන්නස්ගිරිය, නාලන්ද, ලේනදොර ප්‍රදේශවල මාතලේ සිට පැමිණ බලය අල්ලා ගැනීම සඳහා සටන් දියත් කළහ. බලකොටුවට පහරදීමට තරම් ආයුධ ශක්තියක් නොතිබූ හෙයින් ඔවුන් පළමුව මාතලේ තානායම, රට බීම ගබඩාවල බෙහෙත් ගබඩාව හා මහෙස්ත්‍රාත් අධිකරණයට පහර දී ඒවා විනාශ කළහ. රට බීම හළෙහි පරීක්‍ෂාවක සිට මාතලේ මහෙස්ත්‍රාත් ‘ස්ටුවර්ට්’ ජීවිතාරක්‍ෂාව පතා පලා ගියේය.

 ඉන්පසු සිංහල සටන්කාමීහු 1848 ජුලි 30 දින දඹුලු විහාරයට පැමිණ පෑලියගොඩ ඩේවිඩ් හෙවත්  ගොන්ගාලේගොඩබණ්ඩා, ශ්‍රී වික්‍රම සර්ව සිද්ධී නමින් සිංහලේ රජු ලෙසටත්, හඟුරන්කෙත ඩිංගිරාල හෙවත් වීදිපැළැල්ලේ බණ්ඩාර යුවරජු හා දුම්බර හාරිස්පත්තුවේ ඈපානන් ලෙසටත්, පුරන් අප්පු මහසේනාපති ලෙස හා කරෝ අප්පු නමින් දිනිස් සේනාපතින් ලෙසත් පත්කර ගත්හ. මෙම කටයුතු දඹුලු විහාරාධිපති ගිරානේගම ඉන්ද්‍රජෝති හිමියන්ගේ අනුශාසකත්වයෙන් සිදුවූ අතර මාතලේ දිස්ත්‍රික්කයේ කෝරාලවරු සහ අතුකෝරාළවරු සහ ආරච්චිවරු 25 ක් මීට සහභාගි වී ඇත. මෙම කටයුතු අවසානයේ රජු පෙරටුකොටගත් පිරිස දෙකොටසක් බෙදී රජු සහ පුරන් අප්පු ඇතුළු පිරිස, නාලන්ද, ලෙනදොර,නාඋල හරහා මාතලේටත්, හඟුරන්කෙත ඩිංගිරාල, යුව රජු දිනිස් කරෝඅප්පු ඇතුළු පිරිස කුරුණෑගලටත් ගමන් කළහ. මාතලෙන් පසු මහනුවර අල්ලා ගැනීම පුරන් අප්පුගේ සැලැස්ම විය. අගෝස්තු 01 දින කුරුණෑගලට ඇතුළු වු හඟුරන්කෙත ඩිංගිරාල, ඇතුළු පිරිසෙන්, දිනිස්ගේ, කාණ්ඩායම හිරගෙදරට පහරදී එහි රඳවා සිටි සිංහල සිරකරුවන් නිදහස් කරගත් අතර කරෝඅප්පු කණ්ඩායම කච්චේරි හා උසාවිය අල්ලා ගත්හ. ‘මාතලේ කැරැල්ල’ යනුවෙන් හැඳින්වෙන මෙම අරගලයේ ප්‍රථම පහරදීම 1848 ජූලි 28 දින වාරියපොළ කෝපිවත්තෙන් ඇරඹුණු පසු සිදු කරන ලද අවසාන ප්‍රහාරය අගෝස්තු 01 දින සිදු කරන ලද මෙම කුරුණෑගල ප්‍රහාරයයි. එනම් කැරැල්ල සජීවීව පැවතී ඇත්තේ දින 4ක් වැනි කෙටි කාලයක් පමණි.

 හඟුරන්කෙත ඩිංගිරාල – 1848.08.05 මරණ දඬුවමට

 මේ වන විට කුරුණෑගල ඉංග්‍රීසි හමුදා නායකයා වූයේ කපිතාන් න්‍ගඵග මැක්ඩොවල්ඩ්ය. ඔහු ප්‍රාදේශයේ සිංහල ප්‍රභූවරුන් කැඳවා කැරලිකරුවන් මර්දනයට සහයෝගය ලබාදෙන ලෙස ඉල්ලීමක් කළේය. ඊට වහා ප්‍රතිචාර දැක්වූ, දරටිවැවේ, රටේ මහත්තයා කුරුණෑගල සටන් මෙහෙයවන හඟුරන්කෙත ඩිංගිරාල අල්ලා දීමට කැමැත්ත පළ කළේය. මේවන විට හඟුරන්කෙත ඩිංගිරාල දඹාව විහාරස්ථානයේ සිට ‘ලුණුකඩවැල්ල’ විහාරස්ථානයට ගොස් සිටියේය.

 දරටිවැටේ රටේ මහත්තයාද සිංහල හමුදාවක් සාදාගෙන කැරලිකරුවන්ට සහාය දෙන මුවාවෙන් එම විහාරස්ථානයේදී ඔවුන් හා එක්ව සිට මධ්‍යම රාත්‍රියේ දී හඟුරන්කේත ඩිංගිරාල සමග දි.මු. කලුබන්ඩා රටේ මහතා, රන්හාමි, අප්පුහාමි, වන්නිහාමි, මුදලාලිහාමි, මැලවිල්ලේ උන්ඩිගෙදර දුරයාපැනැල්බැද්දේ කීරාල, වරාපිටිය අතුපැලේ බණ්ඩා, දොඹවැල්ලේ ගෙදර ඩිංගිරාල, උකුවැල්ලේ පුංචිරාල යන සටන් නායකන් අත්අඩංගුවට ගත්හ. දීනිස් සහ කරෝ අප්පු පලා ගියහ. අත්අඩංගුවට ගත් ඩිංගිරාල ඇතුළු පිරිස දෑත්බැඳ ඉංග්‍රීසින් වෙත භාරදුන් පසු 1848 අගෝස්තු 05 දින උදේ 08.00 පැයට යුද්ධාධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබීය. මෙම යුද්ධාධිකරණය කපිතාන් න්‍ගඵග මැක්ඩොවල්ඩ්, කාපිතාන් හැමිල්ටන්, කපිතන් ්‍යගෘ. බර්ට්, ලුතිනන් ත්‍ගඊ. මැනහෝල් ලුතිනන් ඨගෑ. ලැම්බර්ට් යන නිලධාරීන්ගෙන් සමන්විත විය. චෝදනා සම්බන්ධව තමාට කීමට කිසිවක් නොමැති බව හඟුරන්කෙත ඩිංගිරාල පැවසීමෙන් පසු ඔහුට වෙඩි තබා මරාදැමීමත්, සියලු දෙනාට පාඩමක් ලෙස දින 4ක් යනතුරු මළ සිරුර නැගෙනහිර කඩවත් මායිමේ ගසක එල්ලා තැබීමටත් නඩු තීන්දුව මගින් ප්‍රකාශයට පත් කෙරිණි. මරණීය දණ්ඩනය ඒ වෙලාවේම එලෙසම ක්‍රියාත්මක විය. මළ සිරුර එල්ලා තබා ඇත්තේ අද කුරුණෑගල කොතලාවල මහා විද්‍යාලය පිහිටා ඇති ස්ථානයට ආසන්නයේ ඇති සියඹලා  ගසකය.

 1848/08/08 දින වීර පුරන් අප්පුට මරණ දඬුවම

 1848 අගෝස්තු 06 දින පුරන්අප්පු වාරියපොළ ගල්ගුහාවක් තුළ පසුදින කළයුතු ප්‍රහාර සැලසුම් කරමින් සිටියදී ඔහුගේ සටන් සහයකයින් දෙදෙනකුව බැද්දගේ අල්විස් සහ හේවාහකුරුගේ තවත් පිරිසක් සමග පුරන් බැලීමට පැමිණියහ. කවුඩුපැලැල්ලේදී ඉංග්‍රීසීන්ට එරෙහි සටන්වලට එක්වූ මිතුරන් දෙදෙනා හා පිරිස පුරන් විසින් ඉතා සතුටින් පිළිගන්නා ලදි. මිතුරන් වූයේ පුංචි අප්පු, ඇල්ලේපොල හොදිගේ, වීරනෙත්ති අප්පු කුට්ටි, ආරුමුගම් සහ කාරියවසම් යන අයවලුන්ය.

 මෙම අයහට රාත්‍රි ආහාරද පිළිගැන්වූ පුරන් මධ්‍යම රාත්‍රිය තෙක් පිළිසඳරේ යෙදී නින්දට ගියේය. මිතුරන් දෙදෙනා ඇතුළු පිරිසද හොරට නිදා සිට මධ්‍යම රාත්‍රිය පසුවූ පසු එක්වරම කඩා පැන පුරන්අප්පුව ලණුවලින් ගැට ගැසුවෝය. ඉන් පසුව මාතලේ කඳවුරේ කපිතාන් වොට්සන් වෙත භාරදුන්හ. ඒ අගෝස්තු 07 දාය.

 අඩි 7 පමණ උසැති සිංහලේ සටන් නායක අයෝමය දේහදාරි, පුරන් අප්පුව මෙම සාමාන්‍ය වැසියන් 9 දෙනකු විසින් රැගෙන ඒම ඉංග්‍රීසීන්ගේ පුදුමයට හේතු විය. මෙය සිංහලයන්ගේ ‘ට්‍රෝජන්’ ක්‍රමයේ කපටි උපායක් දැයි ඉංග්‍රීසින් තුළ සැකයක් ද ඇති විය. එහෙයින් ඔවුන් පුරන් ඇතුළු පිරිස එදිනම දැඩි රැකවල් මැද මහනුවර කඳවුරට රැගෙන ගොස් භාරදුන්හ. ඉතා ප්‍රීතියටපත් ඉංග්‍රීසි නිලධාරීන් පසුදිනම, එනම් අගෝස්තු 08 දිනම පුරන් ඇතුළු පිරිස යුද්ධාධිකරණයට ඉදිරිපත් කළහ.

 යුද්ධාධිකරණයේ සාමාජිකයන් වූයේ මේජර් ත්‍ ලුෂින්ටන්, කපිතන් ඔ්‍ය වින්ෆිල්ඩ් කපිතන් ්‍ය ග්‍රීසන්, කපිතන් ්‍යක්‍ බර්ඩ් සහ ලුතිනන් න්‍ ස්මිත් යන නිලධාරීන්ය. පළමුව විභාග කළේ පුරන්අප්පුව ඉංග්‍රීසීන්ට පාවාදුන් 9 දෙනාගේ නඩුවයි. ඒ අනුව පුරන්ව පාවාදීමට මූලිකත්වය ගත් බැද්දගේ අල්විස්ට සහ හේවාහකුරුට කස පහර 50 ක් දී වසර 14 ක් රටින් පිටුවහල් කිරීමට නියම විය. සෙස්සන් 07 දෙනාට කස පහර 18 බැගින් හා බරපතළ වැඩ ඇතිව සිර දඬුවම් නියම විය. තම නායකයා පාවා දුන් සිංහලයන් නවදෙනාට සුද්දා දුන් අපූරු අමතක නොවන ත්‍යාගය එය විය.

 මහ රැජිනගේ ආණ්ඩුවට එරෙහිව කැරලී  ගැසීම,කවුඩුපැලැල්ලේදී දොන් කොරනේලිස් නමැත්තා ඝාතනය ආදී චෝදනා යටතේ පුරන් අප්පුව වෙඩිතබා ඝාතනය කිරීමට තීන්දු විය.

 ඒ අනුව එදිනම එනම් 1848 අගෝස්තු 08 දින සවස 2.30 ට ඉංග්‍රීසි අධිරාජ්‍යයෙන් ශ්‍රී ලංකාව බේරා ගැනීමට සටන් වැදුණු ‘වීරසන්නද්ධ වීරබල ජයසූරිය තුරුඋතුම්පාල අර්ථදේව ගුණරත්න පටබැඳිගේ දොන් ප්‍රැන්සිස් ප්‍රනානු හෙවත් ‘වීර පුරන්අප්පු’ ඉංග්‍රීසි හමුදාවන්ගේ වෙඩි ප්‍රහාරවලින් ළය සිදුරුව මහනුවරදී අවසන් හුස්ම හෙළුවේය.

 මාතලේදී මරණ දඬුවම් ලැබූ අය 1848/08/22

 අගෝස්තු 22 දින මාතලේ යුද්ධාධිකරණයේදී මරණීය දණ්ඩනයට නියමවූ කැරලිකරුවන් 9 දෙනෙකි, ඔවුන් අතරින් මාඋස්සාගොල්ලේ ආරච්චි, මල්පිටියේ අප්පුහාමි, කිතලේ පුංචිරාල, අලුත්ගම බණ්ඩා, අලුවැල්ලේගොඩ සියාතු, කිරිබණ්ඩා, උකුවැල්ලේ බණ්ඩා, බබා ආරච්චි සහ පුංචි රාල ආරච්චිය. මෙම අයවළුන් අගෝස්තු 23 දින මාතලේ දිසාපති මැඳුර ඉදිරිපිට පිට්ටනියට රැගෙනවිත් එකවර හතර බැගින් බැරල් මත සිටුවා මරා දමන ලදි. පුංචිරාල ආරච්චිව පසු දින එලෙසම මරා දමන ලදි. එහෙත් පුදුමයට කරුණ නම් පුංචිරාල ආරච්චි ඊට පසුවද ජීවත් වීමයි. ඔහු වෙනුවට මරා දමා ඇත්තේ වෙනත් අහිංසකයෙකි.

 1848/08/26 දින කුඩාපොළ හිමිටත් මරණ දඬුවම

 අගෝස්තු 24 දින එම කාණ්ඩායම් සමග ‘කාහල්ල’ ගමේ ගල්ලෙනක් වටලා එහි වැඩ සිටි හිමි නමක් අත්අඩංගුවට ගත්හ. ඒ කුඩාපොළ හිමියන්ය. උන් වහන්සේද යුද්ධාධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 26 දින උදේ 06.00 පැයට වෙඩිතබා මරා දැමීමට තීන්දු විය. මෙම තීන්දුවට ඉංග්‍රීසින්ගේ නීතිඥ ඉස්මිට්, අග්‍රවිනිශ්චයකාර ලේකම් ඔලිපන්ට් සහ න්‍ෑ දුනුවිල ආදීන් දැඩි ලෙස විරුද්ධ වුවත් තීන්දුව එලෙසම ක්‍රියාත්මක කොට කුඩාපොල හිමියන් සිවුර පිටින්ම වෙඩි තබා ඝතනය කරන ලදි.

 1849/01/06 දින ගොන්ගාලේගොඩ බණ්ඩාගේ ඉරණම

 කැරැල්ලේ රජු වූ ගොන්ගාලේගොඩබණ්ඩා 1848 නොවැම්බර් මස 14 දින ඇල්කඩුවේ ගල්ලෙනක සැඟවී සිටින විටදී සිංහල ඔත්තුකරුවෙකුගේ ආධාරයෙන් අත්අඩංගුවට පත් වීමෙන් පසුව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළහ. ඔහු සියලු චෝදනාවන්ට වරද පිළිගත්හ. දෙසැම්බර් 01 දින ප්‍රකාශයට පත්කළ නඩු තීන්දුවෙන් ඔහුව 1849 ජනවාරි මස 06 දින එල්ලා මරා දැමීමට තීන්දු විය. පසුව මරණ දඬුවම ලිහිල් වී කස පහර 100ක් සමග ‘මලක්කාවට’ පිටුවහල් කරන ලදි. කඳපොළ බස්නායකද එදිනම එල්ලා මරණ ලදි.

 අත්අඩංගුවේ පසුවූ දඹුලු විහාරවාසී ඇඹුල්අඹේ හිමි, හෑදුවේ හිමි, මුරුතවැල්ලේ හිමි, ඇඹුල්අඹේ කුඩාහිමි, කොත්මලේ අත්තදස්සි හිමි, ගිරානේගම ඉන්ද්‍රජෝති හිමි නිදහස් කරන ලද අතර හමුදාව පවරාගත් දඹුලු විහාරයට අයත් සියලුම දේපල ආපසු භාර දීමට කටයුතු කරන ලදී.

 කේ. ජී. කුලරත්න
 (විශ්‍රාමික මේජර්)
 ජගත් කණහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment