19න් පහළ බාලිකා පාසල් ක්‍රිකට් ශූරතාව සොයා  – ගම්පහ රත්නාවලී සහ  නුගේගොඩ අනුලා අද සටනේ

496

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයෙහි මෙහෙය වීමෙන් ක්‍රියාත්මක වූ වයස අවුරුදු 19න් පහළ බාලිකා පාසල් ක්‍රිකට් තරගාවලියේ ශූරීන් තීරණය කෙරෙන අවසන් මහා තරගය අද (02) පස්වරු 01.00 ට කොළඹ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේදී ආරම්භ කෙරේ.

එහිදී 2022 වසරේ ශූරතාව තහවුරු කර ගැනීම සඳහා ගම්පහ රත්නාවලී බාලිකා විදුහල සහ නුගේගොඩ අනුලා බාලිකා විදුහල නියෝජනය කරන ක්‍රීඩීකාවෝ තරග බිමට අවතීර්ණ වෙති.

දේශීය පාසල් පද්ධතිය තුළ වාර්ෂිකව ක්‍රියාත්මක කෙරෙන ප්‍රමුඛතම බාලිකා ක්‍රිකට් තරගාවලිය මෙය වන අතර එහි මෙවර අවසාන මහා තරගය තියුණු හා උණුසුම් මුහුණුවරකට අනුවර්තනය වනු නොඅනුමානය.

මෙවර අවසාන මහා තරගයේදී අනුලා විද්‍යාලයීය කණ්ඩායම මෙහෙය වීමේ වරම හෂිනි ලියනගේ වෙත පැවරී ඇති අතර විශ්මි ගුණරත්නගේ නායකත්වයෙන් යුතුව රත්නාවලි බාලිකා විදුහල තරග වදී.

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය 08 වැනි වතාවට ක්‍රියාත්මක කරන ලද මෙවර තරගාවලියේ දෙවන අනු ශූරීන් තීරණය කෙරෙන තරගය අද (02) පෙරවරු 09.00 ට කොළඹ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේදීම ආරම්භ කෙරේ. ඒ “රත්ගම දේවපතිරාජ විද්‍යාලය” සහ “වාද්දුව මධ්‍ය මහා විද්‍යාලය” අතරය.

මෙවර අවසන් පූර්ව වටයේදී

නුගේගොඩ අනුලා විද්‍යාලය හමුවේ රත්ගම දේවපතිරාජ විද්‍යාලය ද රත්නාවලි බාලිකා විද්‍යාලය හමුවේ වාද්දුව මධ්‍ය මහා විද්‍යාලය ද පරාජය ලැබීය.

අනුලා විද්‍යාලය සහ රත්ගම දේවපතිරාජ විද්‍යාලය අතර අවසාන පූර්ව තරගය අතිශය තියුණු මුහුණුවරකට අනුවර්තනය වී තිබීම ඒ අතරේ කැපී පෙණුනි. ලකුණු 08 ක ජයග්‍රහණයක් සටහන් කර ගැනීමට අනුලා විද්‍යාලයට එහිදී හැකියාව ලැබිණ.

රත්නාවලි බාලිකා විද්‍යාලය හමුවේ ලකුණු 58 ක පරාජයක අමිහිර අත්විඳින්නට වාද්දුව මධ්‍ය මහා විද්‍යාලයට සිදු විය.

අනුලා විද්‍යාලයීය සංචිතය

හෂිනි ලියනගේ (නායක), ශිකාරි නුවන්තිකා, කෞෂිනි නුත්‍යංගා, නෙත්මි තරූෂා, ඉමාෂා නෙත්මිණි, සමාධි නෙත්මිණි, එනුදි විලාරා, සෙනුගි විලාරා, දුලංගා චාමිණී, එච්.එල්.අයි. යසාරා, චතුනි නෙත්මිණි, හිමාෂා කවින්දි, ගීත්මා මයන්ති, මෙතුලි දංගල්ල, අනුමි විදුන්‍යා, තිස්මා ඉහලවිතාන, බිඟුණි අම්දිකා, ජීවන්ති වර්ණපුර, සරසි රන්දිමා.

සුජීව සමරවික්‍රම මහතා (කණ්ඩායම භාර ආචාර්ය) දිනේෂ් වීරසිංහ මහතා (පුහුණුකරු)

රත්නාවලී බාලිකා විද්‍යාලයීය සංචිතය

විශ්මි ගුණරත්න (නායක), නෙත්මි ගුණරත්න, විදුෂිකා පෙරේරා, සඳලි වීරසිංහ, කාවින්දි විජේසේකර, සඳුනි අමන්දා, දෙව්මිණි පබසරා, ප්‍රතිභා ගම්හේවා, නවෝද්‍යා ජයසිංහ, කාවින්ද්‍යා ගුණසිංහ, භාග්‍යා ඉදිරිසිංහ, හේමිණී රත්නායක, හිමායා විජේසිංහ, රසාංජලී ගුණසේකර, පිංසිත් පූර්ණිමා, සඳරුවි ප්‍රේමරත්න, කසුන්දි කුලතුංග, මධුෂානි වික්‍රමසිංහ.

අනූෂා ගුණසේකර මහත්මිය (කණ්ඩායම භාර ආචාරිණී) පී.ඒ.ජී.එන්. මුණසිංහ මහතා (පුහුණුකරු)

අනුරුද්ධ හේරත් බණ්ඩාර
 

advertistmentadvertistment
advertistmentadvertistment