19න් පහළ වගකීම අවිශ්කට

186

ශී‍්‍ර ලංකා වයස අවුරුදු 19න් පහළ කි‍්‍රකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු වශයෙන් ශී‍්‍ර ලංකා කණ්ඩායමේ හිටපු කී‍්‍රඩක අවිශ්ක ගුණවර්ධන සහ කළමනාකරු ලෙස මහින්ද හලංගොඩ යන මහත්වරුන් පත්කර තිබේ. එ් අනුව ඉදිරියේදී බටහිර ඉන්දීය කොදෙව් ¥පත්වලදී පැවැත්වීමට නියමිත 19 පහළ ලෝක කුසලාන තරගාවලිය දක්වා එම පත්වීම් වලංගු වන බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නිවේදනය කර සිටී.

අවිශ්ක ගුණවර්ධන මීට පෙර ශී‍්‍ර ලංකා ‘එ්’ කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු වශයෙන් කටයුතු කළ අතර මහින්ද හලංගොඩ මීට පෙරද 19න් පහළ කණ්ඩායමේ කළමනාකරුවකු ලෙස කටයුතු කර තිබේ.

පසුගිය 2019 වසරේදී කි‍්‍රකට් ¥ෂණයක් සම්බන්ධයෙන් අවිශ්ක ගුණවර්ධනට එරෙහිව කි‍්‍රකට් ආයතනය විසින් චෝදනා ගොනුකර තිබූ අතර ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය විසින් ඔහුට කි‍්‍රකට් තහනමක්ද පනවා තිබිණි. කෙසේ වුවත් පසුගිය මැයි මාසයේදී ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය මගින් අවිශ්ක ගුණවර්ධන සියලූ චෝදනා සම්බන්ධයෙන් නිදහස් කරන ලදී.

ශී‍්‍ර ලංකා 19න් පහළ කණ්ඩායම ඉදිරියේදී බංග්ලාදේශය සහ එංගලන්තය සමගින් තරගාවලියකට සහභාගි වීමට නියමිත අතර අනතුරුව ආසියානු කුසලානය සහ ලෝක කුසලාන තරගාවලියට කී‍්‍රඩා කිරීමට නියමිතව තිබේ.

කුෂාන් සුබසිංහ
 

advertistmentadvertistment
advertistmentadvertistment