19න් පහළ ශූරයා දේශාන් – 2022 නෙස්ටොමෝල්ට් අභියෝග පාපැදි තරගාවලිය

91

2022 නෙස්ටොමෝල්ට් අභියෝග පාපැදි තරගාවලිය ඊයේ (28 වැනිදා) සාර්ථකව අවසන් කෙරිණි. තරගකරුවන් 400කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැති මෙම තරගාවලිය තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය මෙය සංවිධානය කර තිබිණි.

 ඒ අනුව එහිදී කනිෂ්ඨ පිරිමි 19න් පහළ අංශයේ ශූරතාව දිනා ගැනීමට ෆන් බී පාපැදි සමාජයේ දේශාන් කාවින්ද සමත් වූ අතර එහි දෙවැනි ස්ථානය හිමිකර ගැනීමට කදිරාන ස්පීඩ් පාපැදි සමාජයේ සචින් උමේෂ් සමත් විය.

 බොරලැස්ගමුව පාපැදි සමාජයේ ජාවින්ද ඩිල්ශාන් එහි තෙවැනි ස්ථානය හිමිකර ගනිද්දී සදර්න් පාපැදි සමාජයේ විනෝද් ප්‍රසන්න සහ ගෝල්ඩන් පාපැදි සම්මෙල්නයේ තරංග ප්‍රනාන්දු පිලින් එහි සිව්වැනි සහ පස්වැනි ස්ථානය හිමිකර ගත්හ.

advertistmentadvertistment
advertistmentadvertistment