19 න් පහළ දෙවන පෙළ සත් සාමාජික රග්බි අද සහ හෙට

80

ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය විසින් සංවිධානය කර ඇති වයස අවුරුදු 19 න් පහළ දෙවන පෙළ සත් සාමාජික රග්බි පාපන්දු තරගාවලිය අද සහ හෙට (01 සහ 02) රුවන්වැල්ල මහජන ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

මෙවර තරගාවලියට එක්ව සිටින පාසල් සංඛ්‍යාව 24 කි.

මෙම තරග මාලාවේ මූලික වටය කාණ්ඩ 04 ක් යටතේ ලීග් ක්‍රමයට ක්‍රියාත්මක කෙරේ.

අර්ධ අවසන් පූර්ව වටයේ සිට තරග පිළිමළුන් පිටුදැකීමේ ක්‍රමයට පැවැත්වීමට පියවර ගෙන ඇති අතර එහිදී “කුසලාන”, “පළඟ”, “බඳුණ”, “පළිහ” ශූරතාව තහවුරු කර ගන්නා කණ්ඩායම් උදෙසා තිළිණ ප්‍රදානය කෙරේ.

මෙවර තරගාවලිය පන්නිපිටිය ධර්මපාල විදුහල, රත්ගම දේවපතිරාජ විදුහල, මොරටු මහා විදුහල, බණ්ඩාරනායක විදුහල, කොළඹ සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර විදුහල, ඉබ්බාගමුව මධ්‍ය මහා විදුහල, පානදුර රාජකීය විදුහල, නුගවෙල මධ්‍ය මහා විදුහල, කුරුණෑගල ශාන්ත ආනා විදුහල, කොළඹ අශෝක විදුහල, මාතලේ ශාන්ත තෝමස් විදුහල, මහරගම ජනාධිපති විදුහල, ඇහැලියගොඩ මධ්‍ය මහා විදුහල, තල්දූව බෞද්ධ විදුහල, කෑගලු විදුහල, මහරගම මධ්‍ය මහා විදුහල, ගාල්ල විද්‍යාලෝක විදුහල, රාජගිරිය ජනාධිපති විදුහල, රුවන්වැල්ල මධ්‍ය මහා විදුහල, කුරුණෑගල ඩී. බී. වෙළගෙදර මධ්‍ය මහා විදුහල, දෙබරවැව ජාතික පාසල, මාවනැල්ල සහිරා විදුහල, මහනුවර ආදර්ශ විදුහල සහ මහනුවර මඩවල මදීනා විදුහල අතර පැවැත්වේ.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment