19 ය බලාත්මක කිරීමටත් ජනපති නිල ධජය අහෝසි කිරීමටත් වැඩ බලන ජනපති තීරණය කරයි

719


19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යළි පූර්ණ ලෙස බලාත්මක කිරීමට අවශ්‍ය පියවර කඩිනමින් ගැනීමටත් ජනාධිපතිවරයාගේ නිල ධජය අහෝසි කර ජාතික කොඩිය පමණක් භාවිතා කිරීමටත් තමා වහාම පියවර ගන්නා බවත් වැඩ බලන ජනාධිපති ලෙස දිවුරුම් දුන් රනිල් වික්‍රමසිංහ මහතා ජාතිය අමතමින් පැවසීය.ඒ අනුව ඉදිරියේදී පාර්ලිමේන්තුවෙන් තෝරාපත්කර ගනු ලබන ජනාධිපතිවරයාට 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීමට හැකි බවත් ජාතික කොඩිය පමණක් ජනාධිපතිවරයාට සිය නිල ධජය ලෙස භාවිතා කිරීමටත් අවස්ථාව ලැබෙන බවද කීවේය.

advertistmentadvertistment
advertistmentadvertistment