19 වැනි රයිගම් ටෙලි සම්මාන උළෙලට අයදුම්පත් භාරගැනේ

110

අඛණ්ඩව 19 වැනි වරටත් රයිගම් ටෙලීස් සම්මාන උළෙල අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත. මෙවර එහි තේමාව වන්නේ ‘යළි පිබිදෙමු. යන්නයි.

ඒ අනුව 2022 වර්ෂයට අදාළ නිර්මාණ සහ අයැදුම්පත් භාරගැනීම මේ දිනවල සිදුකෙරේ.

සම්මාන කුලක හතක් සහ උළෙල දෙකක් ලෙස පැවැත්වෙන රයිගම් ටෙලීස් සම්මාන උළෙල සඳහා නිර්මාණ භාරගන්නා සම්මාන කුලකයන් මෙසේය.

19 වැනි රයිගම් ටෙලි සම්මාන උළෙලට අයදුම්පත් භාරගැනේ

ටෙලි නාට්‍ය විශිෂ්ටතා සම්මාන” රූපවාහිනී මාධ්‍ය විශිෂ්ටතා සම්මාන” ජනප්‍රිය සම්මාන” ජනගත සම්මාන” ප්‍රණාම සම්මාන.

සියලු නිර්මාණයන් ප්‍රවීණ විනිසුරු මඩුල්ලක් හමුවේ තෝරා ගැනීම සිදුකෙරෙන අතර” බුද්ධදාස ගලප්පත්ති – සභාපති” මහාචාර්ය රෝහිනී පරණවිතාන” රවීන්ද්‍ර ගුරුගේ” හංසමාලා රිටිගහපොල” ජයනාත් ගුණවර්ධන” අරුණ ගුණරත්න” රංග දසනායක” සමන් වික්‍රමාරච්චි” චම්මින්ද වෙලගෙදර” අබ්දුල් හමීඩ් යන මහත්ම මහත්මීහු මේ සඳහා එක්වෙති.

අයදුම්පත් සමඟ තම නිර්මාණ VOB හෝ Mpeg වර්ගයේ CD, DVD මඟින් පහත සඳහන් ලිපිනය වෙත භාරදිය යුතුය”

Lapro Technologies, අංක 25” බිම් මහල” ලකී ප්ලාසා ගොඩනැගිල්ල”කොළඹ 03.

19 වැනි රයිගම් ටෙලි සම්මාන උළෙලට අයදුම්පත් භාරගැනේ
ආචාර්ය රවී ලියනගේ සභාපති” රයිගම් සමූහ ව්‍යාපාර” කිශාන් තියෝඩර්” කළමණාකාර අධ්‍යක්‍ෂ” රයිගම් සමූහ ව්‍යාපාර” ගණක අමරසිංහ- ජ්‍යෙෂ්ඨ අධ්‍යක්‍ෂ” රයිගම් සමූහ ව්‍යාපාර” බුද්ධදාස ගලප්පත්ති” විනිශ්චය මණ්ඩල සභාපති තාරක රන්වල” ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි – ඩිජිටල්කරණය” තැන්පතු ප්‍රවර්ධන සහ අළෙවිකරණ” සම්පත් බැංකුව චන්දික විතාරණ” ප්‍රධාන විධායක නිළධාරී” මොබිටෙල් යන මහත්වරු මාධ්‍ය සාකාච්ඡාවට එක් වූ අයුරු.

Fox ප්‍රදර්ශනාගාරය” හොරණ පාර” කොට්ටාව.

රයිගම් ටෙලීස් 2022 උළෙල සඳහා අයදුම්පත් හා නිර්මාණ භාරගැනීම 2022 ජනවාරි මස 15 වන දිනෙන් අවසන් වන අතර වැඩිදුර තොරතුරු 0707 061 508” 0707 061 602 යන දුරකථන අංක මඟින් හෝ www.raigamtelees.lk යන වෙබ් පිටුවට පිවිසීමෙන් ලබාගත හැකිය.

ජාතික සංනිවේදන ජාලය වූ මොබිටෙල් මෙම උළෙල සඳහා පූර්ණ අනුග්‍රාහකත්වය දරණ අතර අලියාන්ස් රක්‍ෂණ සමාගම” සම්පත් බැංකුව” ඉමැජින් එන්ටර්ටේන්මන්ට් ඇතුළු ආයතන රැසක් ද අනුග්‍රාහකත්වයෙන් දායක වේ.

රයිගම් ටෙලීස් සම්මාන රාත්‍රිය 2023 මාර්තු 25 වැනිදා කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේදී පැවැත්වීමට නියමිත ය.

මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment