1977

920

කොරෝනා අවුරුදු දෙකකින් පසු මේ රටේ ප‍්‍රයිවට් බස් පිළිබඳ තත්ත්වය මෙසේය; ප‍්‍රයිවට් බස් නව දහසක් පමණ ධාවනය කර ගැනීමට නොහැකිව ගාල්කර තිබේ. ඒවා ගාල්කර ඇත්තේ අයිතිකරුවන්ගේ නිවෙස්වලය. ඒවායේ වැඩට සේවකයන් නැත; එක්කෝ සේවකයන් වෙනත් රස්සාවල් සොයාගෙනය. නැත්නම් පඩි ගෙවා ගැනීමට බැරිවීම නිසා බස් අයිතිකාරයන් විසින් සේවකයන් බඳවාගනු ලබන්නේ නැත. මේ රටේ ඇති පෞද්ගලික බස් සංගම් කිහිපය අතුරින් පුවත්පත් නිවේදන නිකුත් කිරීමට සහ මාධ්‍ය සාකච්ඡා පැවැත්වීමට පමණක් ප‍්‍රසිද්ධියට පත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියන පරිදි ඞීසල් මිල වැඩි බැවින් භූමිතෙල් ගසා ප‍්‍රයිවට් බස් දිවීමට බස් අයිතිකාරයෝ කටයුතු කරති. මීට පෙරද ප‍්‍රයිවට් බස් එකකට ඞීසල් ෆුල් ටෑන්ක් එකක් ගහන විට පෙට‍්‍රල් ලීටරයක් ද මිශ‍්‍ර කිරීමේ සිරිතක් තිබිණ. බස් රියැදුරන් කියන්නේ පෙට‍්‍රල් මිශ‍්‍ර කිරීම නිසා බස් එකේ පිකප් එක හොඳ බවය. කෙසේ හෝ වේවා ඞීසල් වෙනුවට භූමිතෙල් ගසා බස් රථ දිවීමෙන් පරිසරයට කාබන් මොනොක්සයිඞ් මුදාහැරීම වැඩිය. භූමිතෙල් යනුවෙන් දෙයක් පිටරටින් ගෙන්වනු නොලැබේ. රටින් ගෙන්වන්නේ අමු තෙල්ය. අමු තෙල් පිරිපහදු කිරීමේදී භූමිතෙල් සාදාගනු ලැබේ. භූමිතෙල් සහ ගුවන් යානාවලට පොම්ප කරන තෙල් බොහෝදුරට එක සමානය. එහෙත් භූමිතෙල් ගසා ප‍්‍රයිවට් බස් දිව්වාට එමගින් ප්ලේන් දිවවිය නොහැක.

 කොරෝනා අවුරුදු දෙකකින් පසු මේ රටේ භූමිතෙල් පිළිබඳ තත්ත්වය මෙසේය. මේ දිනවල මේ රටේ හැම පෙට‍්‍රල් ෂෙඞ් එකක් ඉදිරිපිටම භූමිතෙල් පෝලිමක් තිබේ. මිනිස්සු ලීටර් පහේ කෑන්, දහයේ කෑන් රැුගෙන විත් භූමිතෙල් ගෙන යති. මීට සති කිහිපයකට පෙර මෙරට වෙළෙඳපොළේ ගෑස් හිඟවීම, ගෑස් මිල ඉහළයෑම, නැවත නැවත ගෑස් මිල ඉහළ යතැයි ජනතාව තුළ හටගෙන ඇති භීතිය යන කාරණා නිසා ජනතාව නැවත වතාවක් 1977 ට ගොස් රබර් දර සහ භූමිතෙල් ළිප් වලට හුරුවීමට උත්සාහ දරති. එහෙත් රබර් දර දැනට නැත. මීට අවුරුදු පහළොවකට පෙරත් රබර් දර හොන්ඩරයක මිල රුපියල් 550 ක් වූ අතර අදවන විට එම මිල හොන්ඩරය රුපියල් 5500 ඉක්මවනවා ඇත. මේ රටේ තිබූ දර මඩු වලින් 1% ක් වත් අද නැත. දැනට රබර් ලී වලින් කරනු ලබන්නේ පදම් කර ලී බඩු තැනීමය. මේ ලී බඩු කළුවර ලී වලින් නිමකළ ලී බඩුවලට වඩා මිල අධිකය. එසේම බරය. මේ සියලූ කාරණා සලකා බැලීමේදී මිනිසුන්ට ඉතිරිව ඇති අවසන් විකල්පය භූමිතෙල් ය. පසුගිය කාලයේදී කුඩු ළිප් යනුවෙන් ළිප් වර්ගයක් කුස්සියට අවතීර්ණ විය. දර මඩුවල තිබෙන ලී කුඩු යොදාගෙන මේ ළිප් දල්වනු ලැබේ. එහෙත් තවදුරටත් දර මඩු නැති නිසා කුඩු ළිප් ද නැත. ලී කුඩු වෙනුවට දහයියා යොදා මේ ළිප් දැල්විය හැකි නමුදු රටේ සියලූම වී මෝල් පොළොන්නරුවේ පිහිටා ඇති බැවින් දුර පළාත්වල ජනයාට දහයියා සපයා ගැනීමට නොහැක. අනෙක කුඩු ළිප් සඳහා දහයියා විකුණනවාට වඩා කුකුල් කෑම සඳහා දහයියා විකිණීම වී මෝල් හිමියන්ට ලාභය. එබැවින් උඩට එන්නේම භූමිතෙල් ළිපය. මීට අවුරුදු පනහකට පෙර භූමිතෙල් ළිප්වල ස්වර්ණමය යුගය එළඹී තිබිණ. එකල සීනි රාත්තලකුත් සත හැත්තෑ දෙකකි; භූමිතෙල් බෝතලයකුත් සත හැත්තෑ දෙකකි. ලීටර් කතන්දරයක් නැති එකල භූමිතෙල් කරත්ත නිතර මග තොටේ දැකිය හැකිවූ අතර බෝතල් හයේ භූමිතෙල් ගැලූම් බහුලව තිබිණ. අද භූමිතෙල් ලීටරයක මිල රුපියල් 77 කි. ගෑස් පිළිබඳව ඇති විශ්වාසය පළුදු කරගෙන භූමිතෙල් වෙත සමීප වීමට මේ රටේ ජනතාව උත්සාහ කිරීමත් සමගම දෛනිකව භූමිතෙල් ටොන් 550 බැගින් රට තුළ විකිණෙන්නට පටන් ගත්තේය. ඞීසල් ලීටරයක් රුපියල් 111 ක් වන අතර එම මිලට ගන්නා ඞීසල් ගසනවා වෙනුවට රුපියල් 77 භූමිතෙල් ගසා බස් දුවන්නට පුළුවන් නම් බස් අයිතිකරුවන් සහ රියැදුරන් එම විකල්පයට යෑම ඉතාම සරල තත්ත්වයකි. කෙසේ වුවද ඞීසල් එංජිමට භූමිතෙල් දැමූ විට එංජිම තුළ බැඳෙන කාබන් ප‍්‍රමාණය අතිශයින් වැඩි බැවින් එංජින් රෙපෙයාර් එකක් කරන විට බස් අයිතිකාරයාට සිදුවන්නේ බස් එක පරණ යකඩවලට විකුණා එම මුදලින් භූමිතෙල් බොන්නටය.

 ක්‍ඛෑ්භ ෑභෑඍඨශ යනුවෙන් පාරිසරික සංකල්පයක් දියුණු ලෝකයේ තිබේ. මෙහි අරමුණ වන්නේ කාබන් විමෝචනය අඩු ඉන්ධන ප‍්‍රවර්ධනය කිරීමය. ගෑස් යනු ක්‍ඛෑ්භ ෑභෑඍඨශ වර්ගයට අයත් ඉන්ධනයකි. මේ මගින් ශක්තිය නිපදවීමේදී පරිසරයට කාබන් මොනොක්සයිඞ් මුදා හැරෙන්නේ ඉතාම අඩුවෙනි. මිනිසුන් ඉවීම සඳහාත් බස් දිවීම සඳහාත් භූමිතෙල් වෙත ළඟාවීම නිසා ක්‍ඛෑ්භ ෑභෑඍඨශ සංකල්පයෙන් ඈත්වීමට අපට සිදුවේ. දියුණු ලෝකයේ මූල්‍ය සංවිධාන වෙනත් රටවලට ණය නිකුත් කරන විට ණයකාරයාගේ මානව හිමිකම් ගැන විමසන අතර මේ දිනවල ණයකාරයා පරිසරයට කරන දේ ගැනද සොයා බලයි. ඒ අනුව මුළු ලෝකයම 2021 ට පැමිණ සිටින මේ මොහොතේදී ලංකාව පමණක් 1977 ට ගියොත් එමගින් ඇතිවිය හැකි අර්බුදය කුඩා නොවන්නේය.

advertistmentadvertistment
advertistmentadvertistment