2/3 ක් ජනමත විචාරණයක් නැතිව විශේෂ භාණ්ඩ බදු පනත බෑ – ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කතානායක දැනුම්දෙයි

222

ශ්‍රේෂ්ඨාධිකරණයේ දී අභියෝගයට ලක්වූ විශේෂ භාණ්ඩ හා සේවා බදු නමැති පනත් කෙටුම්පත 2, 3, 4, 5 සහ 9 (1) වගන්ති ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සමග අනනුකූල බැවින් එය තුනෙන් දෙකකට නොඅඩු සංඛ්‍යාවකින් සම්මත කළ යුතු බවත්, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාවෙහි සඳහන් විධිවිධාන ප‍්‍රකාරව ජනමත විචාරණයක දී ජනතාව විසින් අනුමත කරනු ලැබිය යුතු බවත්, සඳහන් එම පනත සම්බන්ධයෙන් වූ ශ්‍රේෂ්ඨාධිකරණ අර්ථ නිරූපණය කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට ඊයේ (22දා) දැනුම් දෙන ලදී.

ඊට අමතරව පනත් කෙටුම්පතෙහි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි වන බවට සොයා ගෙන ඇති වගන්තිවලට නිශ්චිත සංශෝධන යෝජනා කිරීම ප‍්‍රායෝගික නොවන බව ද අධිකරණය වැඩිදුරටත් සඳහන් කරන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අදාළ තීන්දුව පිළිබඳ මතය දැනුම් දෙමින් කීය.

එහිදී කථානායකවරයා පනත සම්බන්ධයෙන් අධිකරණ මතය වැඩිදුරටත් මෙසේ ද කියා සිටියේය.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප‍්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණයේ දී අභියෝගයට ලක් වූ ‘විශේෂ භාණ්ඩ හා සේවා බදු’ නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය මා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දැනුම් දීමට කැමැත්තෙමි.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 123 ව්‍යවස්ථාව සමග කියවිය යුතු 120 ව්‍යවස්ථාව ප‍්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණය පහත සඳහන් පරිදි තීරණය කරයි.

‘‘පනත් කෙටුම්පතේ 2, 3 සහ 4 වගන්ති ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 76(1) ව්‍යවස්ථාව සමග කියවිය යුතු 148 ව්‍යවස්ථාව සමග එක්ව සහ වෙන් වෙන් වශයෙන් අනනුකූල වේ.

පනත් කෙටුම්පතේ 2, 3 සහ 4 වගන්ති ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 4(අ) සහ 4(ඈ) ව්‍යවස්ථා සමග කියවිය යුතු 3 ව්‍යවස්ථාව සමග අනනුකූල වේ.

(සසස) පනත් කෙටුම්පතේ 2, 3 සහ 4 වගන්ති ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 3 සහ 4 (ඈ) ව්‍යවස්ථා සමග කියවිය යුතු 12(1) ව්‍යවස්ථාව සමග අනනුකූල වේ.

(සඩ) පනත් කෙටුම්පතේ 2 සහ 3 වගන්ති ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 152 ව්‍යවස්ථාව සමග අනනුකූල වේ.

(ඩ) පනත් කෙටුම්පතේ 9 (1) වගන්තිය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 148 ව්‍යවස්ථාව සමග අනනුකූල වේ.

පනත් කෙටුම්පතේ 9 (1) වගන්තිය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 149(1) සහ 150(1) ව්‍යවස්ථා සමග අනනුකූල වේ.

පනත් කෙටුම්පතේ 11(1) සහ 11(3) වගන්ති ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 3 ව්‍යවස්ථාව සමග කියවිය යුතු 4(ඇ) ව්‍යවස්ථාව සමග අනනුකූල වේ.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වැඩිදුරටත් ප‍්‍රකාශ කර ඇත්තේ, මෙම තීරණයෙහි අඩංගු විශ්ලේෂණය සහ ඉහත සඳහන් නිගමනයන්ට අනුව, සහ

(අ) පනත් කෙටුම්පතේ 2, 3 සහ 4 වගන්තිවල වෙන් කළ නොහැකි ස්වභාවය;

(ආ) පනත් කෙටුම්පතේ එකී වගන්ති තනි තනිව සහ සමස්තයක් ලෙස දෙයාකාරයටම සලකා බැලීමේ අනිවාර්ය අවශ්‍යතාවය;

(ඇ) පනත් කෙටුම්පතේ 2, 3 සහ 4 වගන්ති පනත් කෙටුම්පතේ ඉතිරි වගන්ති සමග එක්ව සලකා බැලීම අවශ්‍ය වන බව; සහ

(ඈ) පනත් කෙටුම්පතේ 2, 3, සහ 4 වගන්ති, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 4(අ) සහ 4(ඈ) ව්‍යවස්ථා සමග කියවිය යුතු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 3 ව්‍යවස්ථාව සහ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 12(1), 76(1), සහ 148 ව්‍යවස්ථා සමග නැවත පිළියම් කළ නොහැකි ලෙස අනනුකූල වන බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එළඹෙන ලද නිගමනය සැලකිල්ලට ගනිමින්;

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 123(2)(ඇ) ව්‍යවස්ථාව ප‍්‍රකාරව ක‍්‍රියා කරමින්, මෙම අධිකරණය ”විශේෂ භාණ්ඩ හා සේවා බදු” නමැති පනත් කෙටුම්පත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 84(2) ව්‍යවස්ථාව මගින් නියම කර ඇති පරිදි එකී පනතට පක්ෂව ඡුන්දය ප‍්‍රකාශ කරන පාර්ලිමේන්තුවේ මුළු මන්ත‍්‍රීවරයන් සංඛ්‍යාවෙන් (නොපැමිණි මන්ත‍්‍රීවරයන් ද ඇතුළුව) තුනෙන් දෙකකට නොඅඩු සංඛ්‍යාවකින් සම්මත කළ යුතු බවත්, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාවෙහි සඳහන් විධිවිධාන ප‍්‍රකාරව ජනමත විචාරණයකදී ජනතාව විසින් අනුමත කරනු ලැබිය යුතු බවත්, තීරණය කරයි.

පනත් කෙටුම්පතෙහි වගන්ති ප‍්‍රධාන වශයෙන්ම එහි මූලික ස්වභාවය සහ ව්‍යුහය වෙනස් වන බැවින් සහ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සමග අනනුකූල වන වගන්තිවලට සංශෝධන යෝජනා කිරීම පනත් කෙටුම්පතෙහි ප‍්‍රකාශිත අරමුණුවලට අනනුකූල වන බැවින්, පනත් කෙටුම්පතෙහි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි වන බවට සොයා ගෙන ඇති වගන්තිවලට නිශ්චිත සංශෝධන යෝජනා කිරීම ප‍්‍රායෝගික නොවන බව වැඩිදුරටත් සඳහන් කරන අධිකරණය, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් අධිකරණයට ලබා දී ඇති අභිමතය ක‍්‍රියාත්මක කරන අතරම ඉහත සඳහන් 2, 3, 4, 5 සහ 9(1) වගන්ති ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සමග අනුකූල වන පරිදි වෙනස් කිරීම සඳහා එකී වගන්ති සංශෝධනය කළ හැකි ආකාරය තීරණය කිරීමෙන් වැළකී සිටියි.

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය අද දින සභාවේ වැඩකටයුතු පිළිබඳ නිල වාර්තාවේ මුද්‍රණය කරනු ලැබිය යුතු යැයි මම නියෝග කරමි.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment