20න් පහළ ලෝක  මලල ක්‍රීඩා තරගාවලිය – තරුෂි  මීටර් 400 අවසන් පූර්ව වටයට

213

කොලොම්බියාවේ කාලි හිදී ක්‍රියාත්මක වන 20න් පහළ ලෝක මලල ක්‍රීඩා තරගාවලියේ කාන්තා මීටර් 400 ඉසව්වේ මූලික වටයට ක්‍රීඩා කළ තරුෂි කරුණාරත්න එම ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවාය. ඒ මීටර් 400 මූලික ඉසව්ව තත්පර 54.23ක කාලයක් වාර්තා කරමින් සිව්වැන්නා ලෙස තරගය අවසන් කිරීමට සමත්වීමත් සමගිනි.

 ඒ අනුව තරුෂි කරුණාරත්න සහභාගි වන අවසන් පූර්ව තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද (04 වැනිදා) අලුයම පැවැත්වීමට නියමිතව තිබිණි.

 මේ අතර කාන්තා මීටර් 400 කඩුලු පැනීමේ ඉසව්වේ මූලික තරගයට ක්‍රීඩා කළ අමේෂා හෙට්ටිආරච්චි එම ඉසව්වේ හත්වැනියා ලෙසින් තරගය අවසන් කිරීමට සමත්වූයේ මිනිත්තු 1.01.11ක කාලයක් වාර්තා කරමිනි. ඒ අනුව එම ඉසව්වේ අවසන් පූර්ව වටයට පිවිසීමේ බලාපොරොත්තු අත්හැර ගැනීමට අමේෂා හෙට්ටිආරච්චිට සිදුවූවාය.

 තරගාවලියේ තෙවැනි දිනය වූ ඊයේ (03 වැනිදා) දිනයේදී ධනුක දර්ශන පිරිමි මීටර් 400 මූලික තරගයට ක්‍රීඩා කිරීමට නියමිතව තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment