20 න් පහළ බාලිකා හොකී තරගාවලියේ අවසන් තරග අනිද්දා

155

අධික වර්ෂාව හේතුවෙන් කල් දමන්නට යෙදුණු ශ්‍රී ලංකා පාසල් වයස අවුරුදු 20 න් පහළ බාලිකා හොකී තරගාවලියේ අවසාන පූර්ව තරග සහ අවසාන මහා තරගය අනිද්දා (25 වැනිදා) මාතලේ එඩ්වඩ් උද්‍යාන ක්‍රීඩාංගණය සහ බර්නාඩ් අලුවිහාරේ ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වේ. අර්ධ අවසාන පූර්ව වටය ජය ගනිමින් මෙම තරගාවලියේ අවසන් පූර්ව වටයට වරම් ලබා ගැනීමට කොළඹ විශාඛා විදුහල, වෙන්නප්පුව ශුද්ධ වූ පවුලේ බාලිකා විදුහල, මහනුවර සීතාදේවී බාලිකා විදුහල සහ මහනුවර ස්වර්ණමාලී බාලිකා විදුහල සමත් විය. ඒ අනුව ක්‍රියාත්මක කෙරෙන පළමු අවසන් පූර්ව තරගයේදී මහනුවර සීතාදේවි බාලිකා විදුහලට එරෙහිව මහනුවර ස්වර්ණමාලි බාලිකා විදුහල පෙරවරු 7.00 ට තරග බිමට අවතීර්ණ වන අතර කොළඹ විශාඛා විදුහල සහ වෙන්නප්පුව ශුද්ධ වූ පවුලේ බාලිකා විදුහල අතර තරගය පෙරවරු 08.00 ට ආරම්භ කෙරේ.

තීරණාත්මක බාලිකා අවසාන තරගය ප.ව.03.30 ට ආරම්භ කෙරේ.
අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment