20 න් පහළ 20 වැනි ආසියානු මලල ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාවෙන් 08 දෙනෙක්

186

වයස අවුරුදු 20න් පහළ 20 වැනි ආසියානු මලල ක්‍රීඩා තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 8 දෙනකු සහභාගි කරවීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය පියවර ගෙන ඇත.

ආසියානු මලල ක්‍රීඩා සංගමය විසින් මෙහෙයවනු ලබන මෙම තරඟාවලිය ලබන මස 04 වැනිදා සිට 07 වැනිදා දක්වා දකුණු කොරියාවේදී පැවැත්වීමට නියමිතය.

අදාළ තරඟාවලිය සඳහා ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු කලාපීය රටවල් 45කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1500 ක් සහභාගි වීමට නියමිත බව වාර්තා වේ.

ශ්‍රී ලංකාව නියෝජනය කිරීම සඳහා තෝරාගෙන ඇති කණ්ඩායමට ක්‍රීඩකයින් 4ක් සහ ක්‍රීඩිකාවන් 4ක් ඇතුළත් වන අතර ඊට ඇතුළත් නිලධාරි සංඛ්‍යාව 3 කි. තෝරාගෙන ඇති ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා ඇමැතිවරයාගේ අනුමැතියට යොමු කොට ඇත.

ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලිය යටතේ 1986 සිට 2018 දක්වා පදක්කම් 30 ක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී තිබේ. ඊට රන් පදක්කම් 7ක්, රිදී පදක්කම් 14 ක් සහ ලෝකඩ පදක්කම් 9ක් ඇතුළත් වෙයි.

සහභාගී කරවන ශ්‍රී ලංකා කණ්ඩායම මෙසේය.

පිරිමි

එම්. ජේ. විජේසිංහ (කොළඹ ආනන්ද විද්‍යාලය ) මීටර් 100

එස්. එච්. එච්. දිල්රංග (වලල රත්නායක විදුහල )

මීටර් 800 සහ 1500

ටී. ඕ. ආරියවංශ (ශාන්ත ඇලෝසියස් විදුහල) මීටර් 400 කඩුලු

කේ. ඒ. මලිත් යසිරු

කහවත්ත මධ්‍ය මහා විදුහල (තුන් පිම්ම)

කාන්තා

දිනාරා බණ්ඩාර

(ගේට්වේ විද්‍යාලය කොළඹ )

මීටර් 100

තරුෂි කරුණාරත්න

((වලල රත්නායක විදුහල )

මීටර් 400 සහ 800

එම්. එච්. ජේ. උත්තරා (සිරිකුරුස විදුහල ගම්පහ )

මීටර් 400

ආර්. පෙහන්සා ගමගේ (ධර්මරාජ විද්‍යාලය පන්නිපිටිය) උස පැනීම.
කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment