200 කට කොරෝනා සෑදුණත් පවුල් සෞඛ්‍ය නිලධාරිනියන්ට කිසිදු සෞඛ්‍ය පහසුකමක් නෑ… එන්නත්කරණ වැඩසටහන්වලට යන්නෙ අතින් වියදම් කරගෙන…

167

පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපතිනී දේවිකා කොඩිතුවක්කු

කොවිඞ් වසංගත තත්ත්වය මෙරට ආරම්භ වූ 2020 මාර්තු සිට මේ දක්වා වූ වසර එකහමාරක කාලය තුළ සෞඛ්‍ය සේවාවේ නිරත පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ට මුඛ ආවරණ, විෂබීජනාශක දියර ද්‍රාවණ, අත් වැසුම් ඇතුළු තවත් සෞඛ්‍ය උපකරණ ලබාදීමට මෙතෙක් සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර නැතැයි රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපතිනී දේවිකා කොඩිතුවක්කු මහත්මිය ‘‘දිවයින’’ ට ඊයේ (10 වැනිදා* පැවසුවාය. ත්වය හමුවේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 200 කට වැඩි පිරිසකට කොවිඞ් ආසාදනය වී ඇතැයිද ඇය සඳහන් කර සිටියාය.

මෙහිදී තවදුරටත් කතාකළ දේවිකා කොඩිතුවක්කු මහත්මිය මෙසේද කීවාය. ‘‘පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් ලබාදෙන්න කියලා මීට පෙර අවස්ථා ගණනාවකදීම සෞඛ්‍ය බලධාරීන්ට දැනුම් දුන්නා. නමුත් මේ වෙනකම් ඒ කිසිදෙයක් ලබාදීමට බලධාරීන් කටයුතු කළේ නැහැ. මුඛ ආවරණ, විෂබීජ නාශක, අත් වැසුම් කිසි දෙයක් නෑ. ලංකාවෙම රාජකාරියේ නිරත පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 10,800 ක් ඉන්නවා. දැනටමත් ඒ අයගෙන් නිලධාරිනියන් 200 කට වැඩි පිරිසක් කොවිඞ් ආසාදිතයන් බවට පත්වෙලා තියෙනවා.

මෙච්චර අවදානමක් දරාගෙන සේවයේ නිරත පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ට කොවිඞ් අවදානම හමුවේ සෞඛ්‍ය පහසුකම් මෙතෙක් ලබා නොදීම ගැන දැඩි අප‍්‍රසාදය පළකරනවා.’’ ඒ වගේම පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ව නිවාඩු දිනවල, සති අන්තයන්වල කොවිඞ් එන්නත්කරණ වැඩසටහන් සඳහා ගෙන්වනවා. ඒ සඳහා එම නිලධාරිනියන්ට අමතර සේවා දීමනා ලැබෙන්නේ නැහැ. මේ සඳහා අපේ නිලධාරිනියන් අතින් වියදම් කරගෙන තමයි යන්නෙ.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ නිරෝෂා වාසල

advertistmentadvertistment
advertistmentadvertistment